Breaking News
Home / ප්‍රධාන පුවත් / ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි! President calls for all-party summit.

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි! President calls for all-party summit.

1052231

   

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් හෙට පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ තිබේ.

පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම හමුව කැඳවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම හමුවට කතානායක කරු ජයසූරිය මහතාට ද ආරාධනා කර ඇතැයි දැනගන්නට තිබේ.

අද සවස ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ද අවලංගු වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එය අවලංගු වීමට හේතුව මෙම සර්වපාක්ෂික සමුළුව විය හැකි බව ද දැනගන්නට ඇත.

About SirilakaNews

Check Also

image_b978232bec

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටළු හරහා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් එන ලකුණු ! Emergency parliamentary elections are a result of the problems between the President and the government.

ජනාධිපතිවරයා සමග තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි දේශපාලන නෛතික තත්වයක් උදාවි පවතින හෙයින් නියමිත කාලයට පෙර කඩිනම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *