Breaking News
Home / දේශපාලන / එජාප නායකත්වය චම්පිකට! UNP leadership to champika.

එජාප නායකත්වය චම්පිකට! UNP leadership to champika.

patali-champika-ranawaka

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරී‍මත් සමඟ එජාප ආණ්ඩුව කඩා වැටීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එජාප ගැලවුම් කරු ලෙස පෙනී සිට පක්ෂ නායකත්වය ලබාගැනීමට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක  විසින් මෙහෙයුමක් ක්‍රියාවට නංවා ඇතැයි එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම කුමන්ත්‍රණයට රනිල් සජිත් විරෝධී එජාප මංත්‍රිවරුන් රෑසකගේ සහයද හිමිවී ඇති බව පෙන්වා දෙන ආරංචි මාර්ග පුත්තලම දිසාවේ එජාප රාජ්‍ය අමාත්‍යවරයෙකුගේද සහය හිමිවි ඇති බව වැඩිදුරටත් පවසයි.
රනිල් සහ සජිත් වඩා චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කිරිමෙන් රටේ ජනතාව ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙතැයි කොළඹ දිසාවේ එජාප මුස්ලිම් තරුණ මංත්‍රිවයෙකුද කුරුණැගල දිසාවේ මංත්‍රිවරයෙකුද අරළිය ගහ මැදුරේදි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට තිබේ.

මේ අතර රාජිත සේනාරත්නගේ සහයද චම්පික රණවකට හිමිවන ලකුණු පහළ වී තිබේ.

ඉකුත් දා චම්පික සහ රාජිත රනිල්ගෙන් තොර ආණ්ඩුවක් සැදිම සදහා පාර්ලිමේන්තු මංත්‍රිවරුන් රෑසක් සමග සාකච්ජා කොට ඇති අතර එහිදි එජාපයට නව නායකත්වයක් අවශ්‍යව ඇතැයි ඊට සජිත් විකල්පයක් නොවේ යැයි එජාප සහ එ.ජා පෙරමුණට සම්බන්ධ වෙනත් පක්ෂ වලින්ද යොජනා වී තිබේ.
එහිදී ඊට සුදුසුම පුද්ගලයා චම්පික රණවක බවද පලනි දිගම්බරන්  පවසා තිබේ.

ඉකුත්දා චම්පික රණවක තමන් ඇමති ධුරය දැරු අමාත්‍යංශයට යාම සහ එකසත් ජාතික පෙරමුණේ නායකයින් සමග වෙන වෙනම සාකච්ජා පැවැත්විමද  එක්සත් ජාතික පක්ෂ තරුණ මංත්‍රිවරුන්ගේ ආකර්ෂණය ලබා ගැනීමේ උපක්‍රමය කොටසක් බව පෙන්වා දෙන ආරංචි මාර්ග

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සහ බිම් මට්ටමේ කිසිදු ප්‍රසාදයක් චම්පික රණවකට මෙතෙක් ගොඩ නඟා ගැනීමට නොහැකි වී ඇති බැවින් අවස්ථාවාදී ලෙස මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කර එජාප පාක්ෂිකයන්ගේ ප්‍රසාදය දිනා ගැනීම මෙහි අරමුණ වී ඇතැයි පැවසේ.

මේ පිළිබඳව අනාවරණය වීමත් සමඟ කලබලයට පත් සජිත් ප්‍රේමදාස  චම්පික රණවකගේ මෙහෙයුමට සහාය නොදී ඊට එරෙහිව එජාප මංත්‍රිවරුන් දැණුවත් කිරිමේ ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගැනීමට කළුතර දිස්ත්‍රික් සහ මාතර දිස්ත්‍රික් මංත්‍රිවරු දෙදෙනෙකු සමග පක්ෂයේ කෘත්‍යාධිකාරීන් හමුවෙමින් සිටින බව සදහන් විය.

About SirilakaNews

Check Also

Sri Lanka Parliament Speaker

සමාජ මාධ්‍යතුල සංසරණයවන ව්‍යාජ ලිපිය පිළිබද කතානායකගෙන් රහස් පොලිසීයට පැමිණිල්ලක්! The parlimant Speaker made a complaint to the CID about the fake article circulated in the social media.

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහලේකම්වරයා කළ පැමිණිල්ල ගැන විමර්ශන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *