Breaking News
Home / Hotnews / ඇමරිකාව සහ චීනය අතර ඇති වෙළද යුද්ධය නිසා අග්නිදිග ආසියා සමුළුව ට්‍රම්ප් වර්ජනය කරයි! Tramp boycotts Southeast Asian Summit due to the Trade War between America and China!

ඇමරිකාව සහ චීනය අතර ඇති වෙළද යුද්ධය නිසා අග්නිදිග ආසියා සමුළුව ට්‍රම්ප් වර්ජනය කරයි! Tramp boycotts Southeast Asian Summit due to the Trade War between America and China!

US-China-Trade-War-President-Xi-Jinping-and-President-Donald-Trump-300x202

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොමැතිව සිංගප්පූරුවේ අගනුවර දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) ආරම්භ විය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී නොවූවත් ආසියාන් සමුළුවට ඔහුගේ බලපෑම දැනෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධයත් අනෙකුත් රටවල් අනුගමනය කරන ආරක්ෂණවාදී පියවරත් නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිවනු ඇතැයි සමුළුවට සහභාගී වී සිටි අග්‍රාමාත්‍යවරයෙක් කීය.

“වඩාත් කතාබහට ලක්වූ වඩාත් වැදගත්ම නායකයා වන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්. එහෙත් ඔහු මෙවර ආසියාන් සමුළුවට සහභාගි වන්නේ නැහැ. ඔහු නොපැමිණි පළමු අවස්ථාව මෙය” යැයි සිංගප්පූරුවේ අයි.එස්.ඊ.ඒ.එස්.  යුසොෆ් ඉෂාක් ආයතනයේ අධිශිෂ්‍ය මැල්කම් කූක් පැවැසීය.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නොපැමිණීම මධ්‍යයේ වුවද දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් බහුපාර්ශවීය සබඳතා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කළහ. චීනයේ නියෝජිත එරට අග්‍රාමාත්‍ය ලී කචන්ග් එහි මූලිකත්වය ගත්තේය.

“ලෝකය අද ආරක්ෂණවාදයකට මුහුණ දෙමින් සිටිනවා. ආරක්ෂණවාදය වර්ධනය වෙමින් තිබෙනවා. බහුවිධත්වය පවත්වාගෙන යෑමටත් නිදහස් වෙළෙඳාම ආරක්ෂා කිරීමට ලෝකය විසඳුම් සෙවිය යුතුයි. අපි සියලු දෙනා එකමුතු විය යුතු” යැයි ලී පැවැසීය.

ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රංශයේ පැවැති පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමට සහභාගී වූ අතර එයින් පසු ඔහු සහ ආසියානු රටවල් අතර සබඳතාව තරමක් දුරට අඩු වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමේදී ඇමෙරිකාවේ මිත්‍ර රටවල නායකයන් අතර ජනාධිපති ට්‍රම්ප් හුදෙකලා වූ බව එම විචාරකයෝ පෙන්වා දුන්හ.

ඇමෙරිකා ජනාධිපතිවරයා නිරායාසයෙන්ම ආසියානු රටවල් එකමුතු කරමින් සිටිනවා යැයි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සිංගප්පූරු ආයතනයේ සිමන් ටේ පැවැසීය.

“ජනාධිපති ට්‍රම්ප් වුවමනාවෙන් කිසිවක් කර නැහැ. ඔහුගේ නොපැමිණීම, ඔහු ආසියානු රටවල් සමඟ සම්බන්ධ නොවීම,  ආසියාවේ ස්වභාවික සම්මතයට එරෙහි ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති යන කරුණු නිසා ආසියානු රටවල් එකමුතු වෙමින් සිටිනවා. ආසියානු රටවල් ඇමෙරිකාව සහ ට්‍රම්ප් නොමැතිව කටයුතු කරන්නේ කෙසේද කියා සොයා බලමින් සිටිනවා. ඔවුන් ඒ සඳහා සැලසුම් හදනවා” යැයි ද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය.

About SirilakaNews

Check Also

b083fe9fe6d81a178b6c01

ට්‍රම්ප්ගේ වීසා ක්‍රමයට ඇමරිකානු විශ්වවිද්‍යාල විරෝධය! US universities protest against Tampe’s visa

ලෝ ප්‍රකට හාවඞ්  සහ එම්.අයි.ටී ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල 65ක් ට්‍රම්ප් පරිපාලනය විදෙස් සිසුන්ට බලපාන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *