Breaking News
Home / ක්‍රීඩා / අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම.Sri Lanka Women’s Cricket Team led by Chamari Athapaththu

අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම.Sri Lanka Women’s Cricket Team led by Chamari Athapaththu

zjbvadsjlbvd

ප්‍රවේගකාරී පිතිකාරිනියක වන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් මස පළමු වන දින බටහිර ඉන්දීය කොදෙව් වෙත ගොස් මේ වන විට පුහුණුවීම්වල යෙදෙමින් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම 10 වෙනිදා සිය පළමු තරගයට ප්‍රබල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග සහභාගි වන්නේ ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණු තරග දෙකම පරාජයවී ඇති පසුබිමකය.

පළමු පුහුණු තරගයේ නවසීලන්තය හමුවේත්, දෙවන පුහුණු තරගයේ අයර්ලන්තය හමුවේත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට ලක්විය.

ජාත්‍යන්තර 20-20 කාන්තා ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කණ්ඩායම මේවන විට 8 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව පරාජය වුණු අයර්ලන්තය සිටින්නේ 10 වැනි ස්ථානයේය.

මෙම තරගාවලියට පෙර සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවති ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාව 4-0 ක් ලෙස ජය ගත්ත ද එම තරගාවලියේ ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කළ බව විචාරක මතය විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව 2018 වසරේ 20 – 20 තරග 13 කට සහභාගි වී ජයග්‍රහණය කර ඇත්තේ තරග 3 ක් පමණි.

“ලොකු විශ්වාසයි තියෙනවා අපිට මේ තරගාවලිය හොඳින් කරන්න පුළුවන් කියලා. අපිට ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න හැකියාවක් තියෙනවා. එදා දවසේ හොඳින් ක්‍රීඩා කරොත්,” ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගාවලියට පිටත්වයාමට පෙර මාධ්‍ය අමතමින් කියා සිටියාය.

“ශ්‍රේණිගත කිරීම් කියන්නේ අංකයක් විතරයි. මම හිතනවා අපේ කණ්ඩායම හොඳටම සෙල්ලම් කළොත් අපිට ඕනෑ ම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් කියලා,” ඇය පැවසුවාය.

About SirilakaNews

Check Also

08sri-lanka

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට ටෙස්ට් වරම් අහිමිවේද? Sri Lankan cricket lose test cricket ?

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සිද්ධි අතිශයින් බරපතළ බවත්, දිගින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *