Breaking News
Home / ක්‍රීඩා / හතලිස් වසරකට පසුව යාපනයේ ක්‍රීඩකයෙකු 19 පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට ඇතුළත් වී ඇත. Forty-four years later, a Jaffna player has entered the 19th pool of the Sri Lanka National Cricket Team.

හතලිස් වසරකට පසුව යාපනයේ ක්‍රීඩකයෙකු 19 පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට ඇතුළත් වී ඇත. Forty-four years later, a Jaffna player has entered the 19th pool of the Sri Lanka National Cricket Team.

Untitled-1

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින්නේ උමතුවකි. ඒ සඳහා ජාතිය, ආගම හෝ සාමාජයීය තත්ත්වයේ බලපෑමක් නොමැත. සනත් ජයසූරියගේ හයේ පහරටත් මුත්තයියාගේ දුස්රාවටත් එක හා සමානව ඔල්වරසන් හිමිවන්නේ එබැවිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් වරම් හිමි වූයේ 1982 දීය. 90 දශකයේ සැලකිය යුතු සාර්ථකත්වයක් ළඟා කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය.

එදා මෙදාතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් බහුතරය බස්නාහිර පළාත සහ දකුණු පළාත නියෝජනය කරමින් ක්‍රීඩාවට එක් වූවෝ වෙති. එවැනි ක්‍රීඩකයන්ගේ තිඹිරි ගෙය 19 පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමය.

මේ අතර හතලිස් වසරකට ආසන්න කාලයකට පසුව යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයෙකු 19 පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට ඇතුළත් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔහු නමින් විජයකාන්ත් වියස්කාන්ත්ය. දාහත් හැවිරිදි විජයකාන්ත් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියි. දකුණත් පා දඟ පන්දු යවන ඔහු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට සහභාගී වී ඇත.

 එක්දින ජාත්‍යන්තර කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඇතුළත් කරනු ලැබ ඇති ඔහු 19 පහළ ආසියානු කුසලානය සඳහා තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සංචිතයට ඇතුලත් කරනු ලැබ ඇත.

“15 පහළ කණ්ඩායමේ සිට මම පන්දු යැවීම සිදු කළා. හොඳ පුහුණුකරුවන් ලැබීමෙන් පසුව මම පාසල් කණ්ඩායමේ හොඳට දක්ෂතා දැක්වුවා. 15 පහළ කණ්ඩායමෙන් අනතුරුව අන්තර් පාසල් තරගාවලියේදී සහ 19 පහළ පළාත් කණ්ඩායම් අතර තරගාවලියේදීත් ඉතා හොදින් ක්‍රීඩා කළා.”

“ඒ දක්ෂතා එක්ක මට කොළඹ එන්න හැකියාව ලැබුණා. දැන් කොළඹ පුහුණුවීම් සිදු කරනවා. මෙහේ ඉන්න පුහුණුකරුවන් ඉතා හොඳින් පුහුණුවීම් සිදුකරනවා. යාපනයට වඩා මෙහෙ ටිකක් වෙනස්. දැන් මගේ දක්ෂතා වේගයෙන් දියුණුවෙලා කියලා හිතෙනවා,” යනුවෙන් විජයකාන්ත් වියස්කාන්ත් කියා සිටියේය

 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයන් යටතේ ඔහු පුහුණු වීම් සිදු කරයි.

“මම කුඩා කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩා කරන්න ආසයි. වයස අවුරුදු තුන හතරක කාලයේ ඉඳලම මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න ආසයි. මුල් කාලයේ අම්මා තාත්තා සියලු දෙනාම කිව්වේ ක්‍රිකට් ගහන්න කලින් ඉගෙන ගන්න කියලා. ඒත් මම අම්මාට කිව්වා මම ‍ඉගෙනත් ගන්නම් කියලා. එහෙම කියලා තමයි ක්‍රිකට් ගහන්න ආවේ,” විජයකාන්ත් අතීතය සිහිපත් කළේ සිනාමුසු මුහුණෙනි.

මම මගේ යාපනයේ යාළුවන්ට කිව්වා මම දෙමළ කියලා කිසිම භේදයක් නැතිව අපි එකම කණ්ඩායමක් වශයෙන් තරග කරනවා කියලා ඔහු සිනහමුසු මුහුණින් එසේද පැවසීය.

About SirilakaNews

Check Also

08sri-lanka

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට ටෙස්ට් වරම් අහිමිවේද? Sri Lankan cricket lose test cricket ?

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සිද්ධි අතිශයින් බරපතළ බවත්, දිගින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *