Breaking News
Home / Hotnews / සිංගප්පූරුව සහ නිව්යෝර්ක් අතර ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන ඇරබේ! The longest direct flight between Singapore and New York Begin

සිංගප්පූරුව සහ නිව්යෝර්ක් අතර ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන ඇරබේ! The longest direct flight between Singapore and New York Begin

000_19X724-k2PF--1170x507@Viaggi24-Web

article-2222956-15AE9C08000005DC-332_634x380

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන  ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය.

අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් අත්හිටුවා තිබූ මෙම ගුවන් සේවාව, සිංගප්පූරු ගුවන් සමාගම විසින් යළිත් ආරම්භ කරනු ලබන්නේ, වසර 5කට පසුව ය.

එම ගුවන් ගමන කිලෝ මීටර් 15000 කට අධික දුර ප්‍රමාණයකින් යුක්ත වන අතර ඊට ගත වන කාලය පැය 18 කුත් මිනිත්තු 25ක් ලෙස අනුමාන කෙරේ.

සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපොළේ සිට නිව් යෝර්ක්හි ‘නිවෝර්ක්’ ගුවන් තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම මංගල ගුවන් ගමන සඳහා විශාල ඉල්ලුමක් පැවති බව සිංගප්පූරු ගුවන් සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, කාලය ඉතිරි කර ගැනීම සඳහා නොනවතින ගුවන් ගමන් කෙරෙහි ගුවන් මගීන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බවය.

මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන සියල්ල වෙන් කිරීම් ඉක්මනින් අවසන් වූ බව එම සමාගම බීබීසී පුවත් සේවයට පැවසීය.

මීට පෙර, Qatar ගුවන් සමාගම නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ කටාර්හි දෝහා දක්වා ගුවන් සේවාවක් ආරම්භ කළ අතර ඊට ගත වන කාලය පැය 17.5කි. Qantas සමාගම ද මේ වසරේ මුලදී ආරම්භ කළ ඔස්ට්‍රේලියාවේ පර්ත් සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අතර ගුවන් සේවාව සඳහා ගත වන කාලය පැය 17ක් වේ.

About SirilakaNews

Check Also

sri-lanka-parliament

පාර්ලිමේන්තුව විසුරුවා හරී! Parliament dissolved.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. එම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *