Breaking News
Home / දේශපාලන / ශිෂ්ඨ දේශපාලනයට නොගැළපෙන දේශපාලන ක්‍රියාවලියකට රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණය වුණා!ජනාධිපතිතුමා කියයි. Ranil Wickremesinghe entered into a political process that does not suit civilized politics.The President says

ශිෂ්ඨ දේශපාලනයට නොගැළපෙන දේශපාලන ක්‍රියාවලියකට රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණය වුණා!ජනාධිපතිතුමා කියයි. Ranil Wickremesinghe entered into a political process that does not suit civilized politics.The President says

Untitled-1pro

රට තුළ ඇතිවූ දේශපාලන, ආර්ථික අර්බුදයත්, තමාව ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක කරුණු හෙළිදරව් වීමත් හේතුවෙන් තමාට තිබූ එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත්කර නව රජයක් පිහිටුවීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අවධාරණය කළේය.

නව රජයක් පිහිටුවීම පිළිබඳව ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පැවැසීය. ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපතිවරයා ජාතිය ඇමතීය.

මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කරනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන්ට අනුව නීති විශාරදයන්ගේද උපදෙස් මත බව සඳහන් කරන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තමා ගනු ලැබූ මෙම පියවර පිළිබඳව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළේය.

තමාගේ ජීවිතය පරදුවට තබා 2015 ජනවාරි 8 දා ලබාගත් දේශපාලන ජයග්‍රහණය හෑල්ලුවට ලක්වන ආකාරයේ ශිෂ්ට දේශපාලනයට නොගැළපෙන දේශපාලන ක්‍රියාවලියකට රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණ වුණු බවද ජනාධිපතිවරයා කීවේය.

යහපාලන ආණ්ඩු සංකල්පය අමු අමුවේ විනාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පිහිටුවා මාස 3 ක් ගතවීමට පෙර මහ බැංකු බැඳුම්කර කොල්ලය සිදුකර අපේ රට ප්‍රබල ආර්ථික අගාධයකට ඇද දැමූ බවද සිහිපත් කළේය.

තමාව ජනාධිපති කරවීමට ඡන්දය ලබාදුන් හැටදෙලක්ෂ පනස් දහසකට වඩා වැඩි ජනතාවගේ උතුම් වූ අභිලාෂයන් වික්‍රමසිංහ මහතා නොසලකා හැරි බවද සඳහන් කළ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඇමැතිවරු විරුද්ධ වන අණපනත් පවා සම්මත කරගැනීමට උත්සාහ  කළ බව පැවැසීය.

වික්‍රමසිංහ මහතා පිහිටුවාගෙන කටයුතු කළ ආර්ථික කළමනාකරණ කමිටුව ඉතාම දූෂිත බවද ජනාධිපතිවරයා කීවේය.

නව ආණ්ඩුවක් පිහිටුවා තමා ගොඩනැගීමට කටයුතු කරන ප්‍රබුද්ධ රාජ්‍යය සඳහා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 දෙනාටම ආරාධනා කර සිටින බව ජනාධිපතිවරයා පැවැසුවේය.

එක්සත් ජාතික පක්ෂයටද හොඳ දැක්ම ඇති, දේශීයත්වය අගය කරන, රටේ ‍පොදු මහජනතාවගේ දුක හඳුනන සේනානායක, ජයවර්ධන, ප්‍රේමදාස ප්‍රතිපත්ති ඇති නායකයකු පත්කර ගත යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

About SirilakaNews

Check Also

Mahinda-Ranil-and-Maithri

අගමැති පත් කිරිමේ ව්‍යවස්ථා ගැටළුව! The constitutional question of appointing the Prime Minister!

පසුගිය කාලයේ පැවති ආර්ථික ගැටලු හා සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න හමුවේ ශ්‍රී ලංකාවට අලුතින් අගමැතිවරයෙකු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *