Breaking News
Home / ක්‍රීඩා / ශ්‍රීලංකා ක්‍රිකට් ජාත්‍යන්තර අවදානමක ලක්වෙයි! Sri Lankan cricket in risk internationally

ශ්‍රීලංකා ක්‍රිකට් ජාත්‍යන්තර අවදානමක ලක්වෙයි! Sri Lankan cricket in risk internationally

Untitled-1

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කේෂත්‍රයේ ක්‍රිඩකයින් සහ පරිපාලන අංශ සම්බන්ධයෙන් හෙළි වෙමින් පවතින විවිධ වංචනික ක්‍රියා හරහා ජාත්‍යන්තර වශයෙන් මෙරට ක්‍රිකට් ක්‍රිඩාව ඉතාම භයානක තත්වයකට ඇද වැටීමේ අවදානමක් පවතින බව අයි.සි.සි විමර්ශණ ආරංචි මාර්ග ජාත්‍යන්තර මාධ්‍ය හරහා හෙළිකර සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ “ඉතා භයානක” වාතාවරණයක් පවතින්නේ යයි අයිසීසී ජගත් පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍යශයේ ආරංචි මාර්ග පවසයි.

අදාළ තරග පාවාදීමේ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ විමර්ශකයන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ පවත්වමින් සිටින බව වර්තාවෙයි.

 අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට එරෙහිව එල්ල වී තිබෙන “බරපතල දූෂණ චෝදනා” සම්බන්ධ පරීක්ෂණයක් සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවට ICC දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් (Alex Marshall) විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළි කිරීම යෝග්‍ය නොවන බව පවසන ඇලෙක්ස් මාෂල්, කෙසේ වුවත් සිය පරීක්ෂණය සම්බන්ධ සවිස්තර වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත, ඔවුන්ගේ ඉල්ලීම පරිදි, භාරදුන් බව සිය නිවේදනයේ සඳහන් කර තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියා ඒ සඳහා තමන්ට පූර්ණ සහාය දක්වන බව ද එහි දැක්විණ.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) පවසන්නේ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත්‍රයේ දූෂණ සම්බන්ධ බරපතල චෝදනා විමර්ශනය කිරීමේ ක‍්‍රියාවළිය තුළ “විනිවිදභාවය හා මහජන දැනුවත්භාවය සහතික කිරීමේ අවශ්‍යතාවය” තමන් අවධාරණය කරන බවය.

About SirilakaNews

Check Also

_103909325_4d0aa60a-be03-4416-af3a-cb0a66879916

ඉන්දුනීසියාවේ ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කළ කොමාන්ඩෝ කෝප්‍රල්වරයෙකු ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. A Comando Coprall representing the Indonesian Asian Paralympics won a gold medal and a bronze medal.

ඔහු නමින් චරිත නිර්මල බුද්ධික ඉන්ද්‍රපාලය. යුද හමුදා කොමාන්ඩෝ බලකා‍යේ කෝප්‍රල්වරයෙකු වශයෙන් සේවය කළ චරිතගේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *