Breaking News
Home / Hotnews / රටේ ආර්ථිකය අනතුරේ! හැකි ඉකමනින් දේශපාළන ප්‍රශ්න විසදාගන්න! ආර්ථික විද්වතුන් අනතුරු අගවති. The country’s economy is in danger! Solve politics issues! Economic experts warn

රටේ ආර්ථිකය අනතුරේ! හැකි ඉකමනින් දේශපාළන ප්‍රශ්න විසදාගන්න! ආර්ථික විද්වතුන් අනතුරු අගවති. The country’s economy is in danger! Solve politics issues! Economic experts warn

RANIL MAHINDA

දේශපාලන අවිනිශ්චිත බව රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් සියලු පක්ෂ එක්ව වත්මන් අර්බුදය විසඳාගන්නැයි වාණිජ මණ්ඩල කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

වත්මන් දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා නොගතහොත් එය  රටේ ආර්ථිකයට අහිතකර ප්‍රතිවිපාක රැසක් අත්පත් කරදෙනු ඇති බවත් වත්මන් දේශාපලන අවිනිශ්චිතතාව කිසිසේත්ම රටේ ආර්ථිකයට හිතකර නොවන බවත් එම වාණිජ මණ්ඩල පෙන්වාදෙති.

ඒකාබද්ධ වාණිජ මණ්ඩල නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ස්ථාපිත ව්‍යවස්ථානුකූල ආයතන මගින් මෙම අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳාගන්නා ලෙස අපි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු. නීතිය හා සාමය පවත්වාගෙන යන ලෙසත් රටේ පුරවැසියන්ගේ ජීවිතවලට සහ දේපළවලට තිබෙන අවදානම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු. අපේ රටේ, රටේ ජනතාවගේ සහ ජාතික ආර්ථිකයේ යහපත උදෙසා සියලු පක්ෂ කටයුතු කළ බව ද සිහිපත් කරන්නෙමු”.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩලවල සම්මේලනය, ජාතික වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, ශ්‍රී ලංකා ඇඟළුම්කරුවන් (ජේ.ඒ.ඒ.එෆ්.) සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය එක්ව එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබිණි.

About SirilakaNews

Check Also

sri-lanka-parliament

පාර්ලිමේන්තුව විසුරුවා හරී! Parliament dissolved.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. එම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *