Breaking News
Home / පුවත් / නවක සිසුන්ට යට ඇඳුම් තහනම් කරන ලද විශ්වවිද්‍යාල ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව! Sri Lanka is the only country in the world where universities have been banned from underwears students

නවක සිසුන්ට යට ඇඳුම් තහනම් කරන ලද විශ්වවිද්‍යාල ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව! Sri Lanka is the only country in the world where universities have been banned from underwears students

nawaka

streetplay20140825_350_630

නවක වද සිද්ධීන් හේතුවෙන් මේ වනවිට 2000කට අධික සිසු සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලය හැර ගොස් ඇතැයි ද ලිංගික හිංසනය හා ප්‍රචණ්ඩත්වය ඉවසාගත නොහැකිව 14 දෙනකු සියදිවි හානිකර ගෙන ඇතැයි ද උසස් අධ්‍යාපන  හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා  ඉකුත්දා පැවැසීය.

මේ සදහා පිළියම් සෙවිය යුත්තේ පාසැල් අධ්‍යපන සමයේ සිටම බව විශ්ව විද්‍යාල මහචාර්ය ආචාරයවරුන් යෝජනා කර සිටින බවද විශ්ව විද්‍යාල සංනිවේදන ආරංචි මාර්ග පවසති.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයින් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනිමේදි පවතින පරිපාලන සහ විධිවිධාන ක්‍රමෝපාය අනුව නාගරික පරිසරයට සහ උසස් යැයි සම්මත පාසැල් වලින් බාහිර ගැමි දරුවන් මෙකී ව්‍යසනයට වඩාත් ගොදුරුවන බව ඉකුත් වසර කීපයක් පුරා විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබා නවක වදය නිසා විශ්ව විද්‍යාල හැරගිය සිසු සිසුවියන් සංඛ්‍යාත්මක වශයෙන් ඉහළයාමෙන් සහ ඔවුන්ගේ සමාජ මට්ටම පිළිබද දිවයිනේ විශ්ව විද්‍යාල කීපයකින් ලබාගත් තොරතුරු හරහා මාධ්‍යට හෙළිවිය.

ලෝකයේ සමහර විශ්ව විද්‍යාලවල නවක සිසුන් පිළිගැනීම සදහා බොහෝ මානව හිතවාදි ක්‍රියාපිළිවෙත් අනුගමනය කරද්දි හුදු මානසික අසහානකාරීන්ගේ තිරිසන් ක්‍රියාදාමයන් නිසා ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සිසුන් පිළිබද ඇතිවී ඇත්තේ කනගාටුදායක තත්වයක් බව ජාත්‍යන්තර වශයෙන් කෙරෙන ඇගයිම් වාර්තා මොනවාට පැහැදිලිකර දෙයි.

ලිංගික හිංසන,ශාර්‍රිරික හිංසා ,බිය ගැන්වීම්, පොළඹවා ගැනීම් වැනි ව්‍යාධීන් නිසා ඉකුත් වසර කීපය තුල සිසු සිසුවියන් දෙදහකට (2000) ආසන්න සංඛ්‍යවක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ගොස් ඇති අතර දහ හතර දෙනෙකු (14) සිය දිවි හානිකර ගෙන ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මේ අතර විශ්ව විද්‍යාල වලට ඇතුල්වන සිසු සිසුවියන්ට යට ඇදුම් ඇදගෙන නොයෙන ලෙස නවකවදයේදි නියම කරන ජේෂ්ඨයින් සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවද ඔහු අවධාරනය කරයි.

මේ සියළු කරුණුවලට හේතුවී ඇත්තේ විශ්ව විද්‍යාල තුල පවතින අවිධිමත් දේශපාළන නිදහස බව රටේ විද්වතුන්ගේ මතය වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි පක්ෂ අතර පවතින දේශපාලන තරගයද ඊට සෘජුවම බලපා ඇතැයි තවදුරටත් අදහස් දක්වමින් ඔවුන් පෙන්වාදි ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල කුලපති හෝ ආචාර්ය මණ්ඩලයේ පාළනයෙන් මිදි ශිෂ්‍යයින්ගේ පාළනයට නතුවී තිබිමත් නවක වදය වැනී විනය විරෝධී ක්‍රියාවලට පිටුවහලක් වී ඇතැයි විද්වත් මතය වෙයි.

මේ අතර වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මීට ඵලදායි ක්‍රියා මාර්ග රෑසක් ක්‍රියාවට නන්වා ඇති අතර ඒ අතර 1998 වසරේ සම්මතකල නවක වද පනත වහා ක්‍රියාත්මක කිරිම පැසසුම් සහගතය.

ඊට අනුව  නවක වදයේ යෙදුන සිසු සිසුවියන් හතළිස් හය දෙනෙකු ඇප නොලබා සිරගතව සිටින බව වාර්තාවිය.

 

 

 

About SirilakaNews

Check Also

Italy-Train

ඉතාලියේ අධිවේගී දුම්රිය ආයෝජනය ශ්‍රී ලංකාවට අහිමි වුයේ කෙසේද? Italy’s high-speed rail investment How did Sri Lanka lose?

විදෙස් ආයෝජන ගලා නො ඒම ලංකාවේ ආර්ථික අර්බුදයට එක් හේතුවක්ය යන්න ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. එවැනි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *