Breaking News
Home / Hotnews / ක්‍රිකට් දුෂණ ජාත්‍යන්තර පොලීසියට! Cricket corruption to international police!

ක්‍රිකට් දුෂණ ජාත්‍යන්තර පොලීසියට! Cricket corruption to international police!

images

සිය විමර්ශන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය (Interpol) සමග සාකච්ඡාවල නිරතව සිටින බව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයින් තරග අවස්ථා පාවා දීම්වල නිරත වී ඇති බවට (spot-fixing) චෝදනා එල්ල කළ අල් ජසීරා (Al Jazeera) මාධ්‍යවේදියා පවසයි.

රූපවාහිනී වාර්තාමය වැඩසටහනක දැක්වුණේ, එංගලන්ත ක්‍රීඩකයින් සුළු කණ්ඩායමක් ද ඇතුළත් “ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ පෙළේ දූෂණ” සිදුවූ බවට සාක්ෂි අනාවරණය වී ඇති බවය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, සිය දූෂණ මර්දන අංශය එම චෝදනා පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවය.

කෙසේ වෙතත්, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

The Cricket Social වඩසටහන වෙනුවෙන් බීබීසී ක්‍රිකට් මාධ්‍යවේදී ජොනතන් ඇග්නිව් සමග අදහස් දක්වමින් අල් ජසීරා මාධ්‍යවේදී ඩේවිඩ් හැරිසන් තහවුරු කළේ, “තමන් විසින් සොයා ගනු ලැබූ කරුණු ජාත්‍යන්තර පොලිසිය වෙත භාර දීමට සාකච්ඡා කළ” බවය.

“අදාළ ක්‍රීඩකයින්ගේ නම් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ අදාළ ක්‍රිකට් ආයතන දැනුවත් වී සිටිනවා, ඒ වගේ ම ඔවුන් ඊට අදාළ සියලු තොරතුරු ගැන දැනුවත්” හැරිසන් ප්‍රකාශ කළේය.

“මේක ඉතා ම බරපතළයි, මේ සාක්ෂි ඉතා ප්‍රබලයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියනවා තවත් සාක්ෂි හොයමු කියලා, ඔවුන් වෙත යොමු කරන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා”

ඔහු පැවසුවේ, “මාධ්‍යවේදීන් හැටියට අපට ක්‍රීඩකයින්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න බැහැ. ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න තියෙන එක ම මාර්ගය එය නිසා” මේ චෝදනා ජාත්‍යන්තර පොලිසිය වෙත භාර දීමට ඔහු පියවර ගන්නා බවය.

අදාළ තරග පාවාදීම් චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, අල් ජසීරා පුවත් සේවයේ සහයෝගය ඒ සඳහා අපේක්ෂා කරන බවත් එම කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් තහවුරු කළේය.

“මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සහ දැඩි විමර්ශනයක් සිදු කිරීම සඳහා එම රූපවාහිනී ආයතනයට විශාල කාර්යභාරයක් කළ හැකි නිසා ඔවුන්ව සමබන්ධ කර ගන්න නිරන්තරයෙන් උත්සහ කරනවා”

“මේ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට අපි වෘත්තීය ස්වාධීන විශ්ලේෂකයින් යොදා ගන්නවා.”

කටාර්හි පිහිටි ස්වාධීන විමර්ශන සමාගමක් පැවසුවේ, 2011 සහ 2012 වසරවල සිට ජාත්‍යන්තර තරග 15කදී පමණ දූෂණ සිදුව ඇති බවය.

ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනා

මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල්, ඔක්තෝබර් මස මුලදී ශ්‍රී ලංකාවට ද පැමිණ විමර්ශන කටයුතුවල නිරත විය.

ඔහු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සමග ද සාකච්ඡා කළ අතර, එම සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ “ඉතා භයානක” වාතාවරණයක් පවතින්නේ යයි අයිසීසී පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බවය.

About SirilakaNews

Check Also

sri-lanka-parliament

පාර්ලිමේන්තුව විසුරුවා හරී! Parliament dissolved.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. එම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *