Breaking News
Home / දේශපාලන / ඉන්දීය රහස් ඔත්තු සේවය මාව මරන්න හදනවා මෛත්‍රීගේ කතාව රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් වන ලකුණු! The Indian Ro attempts to kill him Maithree’s story is a diplomatic problem

ඉන්දීය රහස් ඔත්තු සේවය මාව මරන්න හදනවා මෛත්‍රීගේ කතාව රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් වන ලකුණු! The Indian Ro attempts to kill him Maithree’s story is a diplomatic problem

'ංජිජඩ්ාඩ්ාඩ

තමන් ඝාතනය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය (රෝ) කුමන්ත්‍රණය කරන්නේ යයි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු විය හැකි අන්දමේ චෝදනාවක් කරළියට ගෙන එමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පවසා ඇත්තේ පැවැති කැබිනට් රැස්වීමේදීය.

ඉන්දීය රහස් ඔත්තු සේවය “මාව මරන්න හදනවා, ඒත් අගමැති නරේන්ද්‍ර මෝදි මේ සැලසුම ගැන නොදන්නවා වෙන්න පුළුවන්” යයි ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ට පැවසූ බව  ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.

“එහෙම කිව්වාම අපි මහත් තිගැස්මකට පත්වුණා” යයි   ඉන්දීය පාලන තන්ත්‍රයේ ප්‍රබලයෙකු පවැසු බව හින්දු පුවත්පත වාර්තා කරයි

මෙකි ප්‍රකාශනයට ඇමරිකානු ජාතික බුද්ධි අංශයේ CIA අවධානයද යොමු වී ඇති බව අදාල ප්‍රකාශය සැලවීමෙන් අනතුරුව කෙරෙන විමර්ශණ හරහා තොරතුරු වාර්තා වන බව ද හින්දු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්යාල ඉහළ නිළධාරීන් ඇමතුවද ඔවුන්ගේ ප්‍රතිචාරය යහපත් නොවු බව ද හින්දු පුවත්පත ප්‍රකාශකරන අතර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර මෙකි ප්‍රකාශය  සම්බන්ධයෙන් විශේෂ දුරකතන සාකච්ඡාවක්   පැවැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

තොරතුරු අන්තර්ජාලයෙනි!

 

About SirilakaNews

Check Also

Mahinda-Ranil-and-Maithri

අගමැති පත් කිරිමේ ව්‍යවස්ථා ගැටළුව! The constitutional question of appointing the Prime Minister!

පසුගිය කාලයේ පැවති ආර්ථික ගැටලු හා සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න හමුවේ ශ්‍රී ලංකාවට අලුතින් අගමැතිවරයෙකු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *