Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / අතුරුදන්ව සිටින ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියා සෙවීමට විමර්ශනයක්! An investigation to find missing intrnational police chief

අතුරුදන්ව සිටින ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියා සෙවීමට විමර්ශනයක්! An investigation to find missing intrnational police chief

https_s3-ap-northeast-1.amazonaws.compsh-ex-ftnikkei-3937bb4images757216072757-1-eng-GBRTS248S2

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි අතුරුදන් වීම පිළිබඳව ප්‍රංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිය පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දී ඇති බව ය.

ඔහු ප්‍රංශය තුළදී අතුරුදන් වී නොමැති බවට AFP පුවත් සේවයට ප්‍රංශ විමර්ශකයින්ට සමීප මුලාශ්‍රයකින් තොරතුරු ලැබී තිබේ.

මෙං හොංවෙයි චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ඔහු ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා ලෙස තේරී පත් වූයේ, වසර දෙකකට පෙර ය.

මෙං හොංවෙයිගේ බිරිඳ සිය ස්වාමි පුරුෂයා අතුරුදන් වී ඇති බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා බවට පත්වීමට පෙර ඔහු චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරීය.

About SirilakaNews

Check Also

brexit-fuga-da-londra-696x371

බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ දික්කසාදයේ අළුත්ම තත්වය Brexit. New information about divorce in the UK and Europe

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ගිවිසුමේ කෙටුම්පතකට අගමැතිනි තෙරේසා මේ අනුමැතිය පළකිරීමත් සමග බ්‍රිතාන්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *