Breaking News
Home / ප්‍රධාන පුවත් / අගමැති පත්කිරීම නීත්‍යානුකූලයි! Appointment of prime minister is legit!

අගමැති පත්කිරීම නීත්‍යානුකූලයි! Appointment of prime minister is legit!

Untitled-1

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අගමැතිවරයකු පත්කිරීමට කටයුතු කර ඇත්තේ, නීත්‍යානුකූල  රාමුවක සිටිමින් යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

පවතින ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයාගේ මතය අනුව එලෙස පුද්ගලයකු අගමැති තනතුරට පත්කළ හැකි අතරම එලෙස පත්කරන තැනැත්තා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමටද හැකියාව ඇතැයි එම සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ලක්බිම කළ විමසීමකදී පැවැසීය.

එහෙත් එලෙස පත්වන අගමැතිවරයාගේ පත්වීම තහවුරු වන්නේ පාර්ලිමේන්තුව තුළ සිය බහුතර බලය පෙන්වීම තුළින් පමණක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එම තත්ත්වය මත නව අගමැතිවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පෙන්වීමට නොහැකි වුවහොත් යළි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වන බවද හෙතෙම කීය.

එමෙන්ම පාර්ලිමේන්තුව කල් තබන ලද අවස්ථාවකදී නම් පක්ෂ නායකයන් විසින් ලිඛිත ඉල්ලීමක් කළ විටෙක පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයාට බලය තිබෙන බවත්, එහෙත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර එය නැවත රැස්වන දිනයක් ප්‍රකාශයට පත්කළ හැකි බලය පවතින්නේ ජනාධිපතිවරයාට බවත්, නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

About SirilakaNews

Check Also

maithri-02

ජනාධිපතිවරයා මානසික රෝගියෙක් දැයි පරික්ෂා කරන ලෙස අධිකරණයට පෙත්සමක්! Petition to Court to investigate Presidents mental illness

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *