Breaking News
Home / පුවත් / ලොව විශාලතම අන්තර්ජාල වෙළෙන්දා බවට පත්වෙමින් AMAZON සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක බළය පෙන්වයි! Amazon shows up a trillion dollars of world’s largest online shop

ලොව විශාලතම අන්තර්ජාල වෙළෙන්දා බවට පත්වෙමින් AMAZON සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක බළය පෙන්වයි! Amazon shows up a trillion dollars of world’s largest online shop

download

කොටස් වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට පත්වීමට ඇමසන් සමාගම  සමත්විය.

මීට පෙර  වෙළෙඳපොළ අගය අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව පළමු පෞද්ගලික සමාගම බවට පත්වීමට ලෝ ප‍්‍රකට ඇපල් සමාගම සමත්විය. ඊට පෙර චීන රජයට අයත් සමාගමක් 2007 වසරේදී වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවා තිබිණි.

ඇමසන් සමාගම ලොව විශාලතම අන්තර්ජාල වෙළෙඳ (සිල්ලර වෙළෙන්ඳා) ලෙස හැඳින්වේ.

ව්‍යාපාරික ජෙෆ් බෙසෝස් විසින් 1994 වසරේ දී වොෂින්ටනයේ සියැටල්හිදී මෙම සමාගම් ආරම්භ කරන ලදි. වසර 25කට අඩු කාලයකදී සිල්ලර බඩු, වීඩියෝ ප‍්‍රදර්ශනය ආදී සේවා පහසුකම් රැසක් සැපයීමට ඇමසන් සමාගම සමත්ව තිබේ. පසුගිය වසරේදී ඇමසන් සමාගමේ ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 178ක් යැයි පැවැසිණි.

සුප‍්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේද ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ය. අඟහරුවාදා (4)  වනවිට ඔහුගේ ශුද්ධ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 167ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි.

About SirilakaNews

Check Also

turbine_and_counter_weight_photo_by_first_hydro_company

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු විරෝධය! A trio of hydropower plants objected to engineering.

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු (ඹ්ව්ට්) බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු සංගමය අවධානයෙන් පසුවන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *