Breaking News
Home / කලා / දෙරණ රුපවාහිණියේ ජේෂ්ඨ ගයක තරුව ජි.ඩි ප්‍රේමරත්න! G. D Premarathna Senior Singing star in Derana Rupavahini

දෙරණ රුපවාහිණියේ ජේෂ්ඨ ගයක තරුව ජි.ඩි ප්‍රේමරත්න! G. D Premarathna Senior Singing star in Derana Rupavahini

18096-jesta-puravasi-1 18096-jesta-puravasi-2

මිනිසුන්ගේ දෛවය සමහර අවස්ථාවල පුදුම සහගතය.
කටුක අත්දැකිම් පිරි ජිවිතවලට අහම්බෙන් නො එසේනම් ක්ෂණිකව තිබු තත්වයෙන් පරිපුර්ණව ඒ ජිවිතයම වෙනස් කෙරෙන අවස්ථාද සමාජයේ පවතින අත්දැකිම් විවිධය.

ජිවිතකාලය පුරා අනේක විදි කම් කටුළු විදගත්තා වුවද ඉන් නොසැලී මහ නගරයේ පදික වේදිකාවේ වෙළදාම් කරමින් සිය රෝගී වි බිරිදත් තම දියණියත් පෝෂණය කරමින් ඉනුත් ඉක්බිතිව දෙමාපියන් නොමැති තවත් දරු දෙදෙනෙකුට පිය සෙනෙහස ලබාදෙමින් ඉතාම නිහතමානී යහපත් ජිවිතයක් ගත කල මහරගම ජි.ඩි ප්‍රේමරත්න මහතා මේ සංෂිප්තයේ ඒ උදාර ජිවිත අභියෝගය හරහා තම වාසනව සොයාගත් අවජ්‍ය මිනිසා වෙයි.

ගීතය වු කලී ලෝකය මැවු දෙවියන් මිනිසාවෙත ලබාදුන් සියළු සන්තාපයන් බිදළන ඖෂධයකි. නො එසේනම් මිනිස් හැගිමෙන් උපදවාගන්නා ජිවිතය සමග වු සංහිදියාවකි.

ජි.ඩි ප්‍රේමරත්න මහතා සිය ජිවිතයේ යෞවන අවධියේ ඔහු සතු වු ගී ගැයිමේ සහජ හැකියාවවට අපමන අගයක් සොයාගෙන ගියේය.
එහෙත් මුදලට යටවු සමාජ කතිකාව තුල සමහර කඩඉම් පසුකර යාමට ජි.ඩි ප්‍රේමරත්න  මහතාට එදා ඔහුගේ දෛවය මං ඉම් පාදා තිබුණේ නැත.
ඔහු ඒ උත්සහය සඵල නොවු තැන ජිවිතය ජිවත්කරන්නට වෙනත් මගක් සොයා යන්නට විය.

රාස්සිගේ අව් රශ්මියෙන් ගිලිහි වැටෙන දහදිය බිදු දෙඅත්ලෙන් පිස දමමින් ඔහු නගරයේ කර්කෂ පදිකවේදිකාවේ ඒ දුක් ගැහැට වින්දේය

ඒ දුෂ්කර ජිවිතයේදි වුවද ඔහු සංගීතයට ගීත ගායනයට වු ලොල් බවින් ගිජු වී සිටියේය.

මෙරට සිටි සුමධුර ගී කෝකිළයෙකු වු මිල්ටන් මල්ලවාරච්චිගේ මධුර හඩ බෙහෙවින් මහරගම ජි.ඩි ප්‍රේමරත්න මහතාගේ ගී උච්චාරණයට අසමසම බවක් ගැබ්වි තිබිම නිසා  ප්‍රේමරත්න මහතා ”විදී කොනේහි මාවත අද්දර” ගීතය තම සැබැ ජිවිතය ඵලයක් ලෙස නෙලා ගත්තේය
ඒ සැබැ ජිවිතයේදි එවන් දරුවන් දෙදෙනෙකු තම දරුවන් ලෙස හදාවඩා ගැනිමෙන් මෙන්ම

එම ගීතය ගයමින් ඉකුත්දා පැවැති දෙරණ රුපවාහිණි ජේෂ්ඨ පුරවැසි තාරුකා වැස්සේ  කිරුළ දරාගනිමින්ය.

ඔහු අද ශ්‍රී ලංකාවේ ගිත කේෂත්‍රයේ තරුවකි. නො එසේනම් ජිවිතයේ සැදැ සමයේදි තම සහජය තුල සැගවගත් කුසළතාවකින් ජිවිතය ජයගත් දෛවයට අභියෝග කල මිනිසෙකි.

මේ ඔහු සමග කලා පුවත්පතක් කල සංවාදයක සටහනකි.

තරගයට ඇප්ලයි කළේ මගෙ දුව. තරගය ගැන කිව්වෙ මිත්‍රයෙක්. දාපු පළමු ඇප්ලිකේෂන් එකට ප්‍රතිචාර තිබුණෙ නැහැ. ඊට පසුව දෙවැනි එක දැම්මා. ඒක රිටර්න් ආවා. මොකද කරන්නේ කියලා කල්පනා කරකර ඉද්දි තමයි පළමු ඇප්ලිකේෂන් එකට රිප්ලයි ආවේ.

 විහාරමහාදේවි භූමියේ තමයි තිබුණෙ. කට කපලා සෙනඟ. ආපහු හැරිලා යන්නත් හිතුණා. ආව එක සහභාගි වුණා. මිල්ටන් මල්ලවාරච්චිගේ “ඔරුවක පාවෙන’ ගීතය තමයි මුලින්ම කිව්වෙ. මාව විනිශ්චය කළේ සෝමසිරි මැදගෙදර සර් සහ දයාරත්න පෙරේරා සර්.

පුංචි කාලයේ සිටම ගායනයේ නියැළෙනවාද?

ඔවු. ගායකයකු වන්නටයි සිහින මැව්වෙ.

ඒත් මතුවුණේ නැහැ?

ඒකාලෙ මා හරිම දුප්පත්. ඒත් හිතේ ශක්තිය තිබුණා. ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයට ගියා. බී ශ්‍රේණියේ සමර්ථයක් ලැබුණා. වැඩසටහන් කිහිපයකට සහභාගි වුණා. ඒත් මොකක්දෝ අභාග්‍යයකට මාව ඉස්මතු වුණේ නැහැ.

පුළුවන්තරම් ඉදිරියට යන්න ට්‍රයි කළා. ඔය අතරෙ මට පෙනුණා මං එක්ක ගිය ඇතැම් දෙනා ටික ටික ඉදිරියට යනවා. ඒත් මං එකතැන. දෛවය මාව ඔවුන් වගේ ඉදිරියට යැව්වේ නෑ. පහුකාලීනව මං ණයක් අරගෙන ගීත දහහතරක සංයුක්ත තැටියක් කළා. ගුවන් විදුලි නාළිකාවලටත් බාර දුන්නා. එකක්වත් ප්‍රචාරය වුණේ නැහැ.

කොලිටි මදි කිව්වා. මගෙ හැකියාව පෙන්නන්න මට පුළුවන් වුණේ පැදුරු සාජ්ජවලදී පමණයි. කට්ටිය වටකරගෙන එහෙම තැන්වල සිංදු කියන්න පටන් ගත්තම නැගිටලා යන්න දෙන්නෙ නැහැ. මොනවා වුණත් අර කලකිරීම හිතේ තිබුණා.

ඒත් අද ඔබ තරුවක්?

අන්න ඒකයි. මට හිතෙනවා ඒක මගෙ වාසනාව. දෙරණ නාලිකාවට මං හිසනමා ආචාර කරනවා. ඔවුන් මේ වගේ තරගයක් පැවැත්වූයේ නැත්නම් අපි කලකිරීමෙන්ම මැරිලා යනවා. අපි වගෙ කී දෙනෙක් මෙමගින් කලඑළියට ආවද. දැන් මට ෂෝස්වලටත් එන්න කියනවා.

කොහොමද මේ ලැබුණ අහඹු ජයග්‍රහණය ඔබට දැනෙන්නේ?

මගෙ ගම මහරගම. ඉස්සර මං මහරගම ටවුන් එකට ගිහින් විනාඩි පහකින් ගෙදර එනවා. දැන් පැය භාගයක්වත් එතැන රැඳෙන්න වෙනවා. කට්ටිය ඇවිත් කතා කරනවා. ෆොටෝ ගන්නවා. පුදුමාකාර වෙනසක්. මං ඒ හැමෝටම ගරු කරනවා. ඒ අයටත් තුති පුදනවා. මට වාහනයක් නැහැ. පයින් තමයි එහෙ මෙහෙ යන්නෙ. එතකොටයි ඉහළම ප්‍රතිචාර ලැබෙන්නෙ.

තරගාවලිය අතරතුර ඔබව වඩාත් සංවේගයට පත් කළ සිදුවීමක් ගැන මතක් කළොත්?

එහෙම දෙයක් වුණේ නැහැ. මං බොහොම සතුටින්මයි හිටියේ. ඒ සතුට තුළ දුකක් ගැන හිතන්නවත් මට වෙලාවක් තිබුණේ නැහැ.

මොනවද අනාගත බලාපොරොත්තු?

ගායකයකු හැටියට තව තවත් ඉදිරියට යාමයි එකම අපේක්ෂාව.

 

About SirilakaNews

Check Also

Film

සිංහල සිනමාව තවත් අර්බුදයකට මුහුන දෙයි! The Sinhala cinema is facing another crisis

මෙතෙක් පෞද්ගලික අංශය යටතේ තිබූ, චිත්‍රපට බෙදාහැරීමේ බලතල නැවතත් ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගන්නා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *