Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවුනි. No intercontinental ballistic missile (ICBM) has joined this military march to mark the 70th anniversary of North Korea.

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවුනි. No intercontinental ballistic missile (ICBM) has joined this military march to mark the 70th anniversary of North Korea.

Untitled-2 Untitled-3

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවූ බව වාර්තාවල දැක්වේ.

එසේම එරට නායක කිම් ජොන්ග් අන් එම උත්සවයේදී කතාවක් කළේ ද යන්නත් පැහැදිලි නැත.

උතුරු කොරියාවේ අවි සංචිතය මෙන්ම න්‍යෂ්ටික හරණය සම්බන්ධයෙන් පළකළ කැපවීමට අදාළව මේ පෙළපාලිය දෙස දැඩි අවධානයක් යොමුවී තිබිණි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති හමුවෙන් අනතුරුව මෙම හමුදා දැක්ම තරමක් ලිහිල් කරනු ඇතැයි මීට පෙර ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

කුපිත කරවන සුළු පියවරක් ලෙස, ඇමෙරිකානු ප්‍රධාන ගොඩබිම් ප්‍රදේශය වෙත ළඟා විය හැකි එසේම ඇතැම්විට න්‍යෂ්ටික යුද ශීර්ෂ ගෙනයාමේ හැකියාවෙන් ද යුතු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිල විශාල ලෙස මෙහිදී ප්‍රදර්ශනය කිරීමේ හැකියාව තිබිණි.කිම් ජොන්ග් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පසු ගිය ජුනි මාසයේදී, කොරියානු අර්ධ ද්වීපය තුළ න්‍යෂ්ටික හරණ වැඩපිළිවෙලක් කරා යන ගමන සම්බන්ධයෙන් නොපැහැදිලි ගිවිසුමක් අත්සන් කෙරුණු අතර ඊට කාල රාමුවක් හෝ එම ක්‍රියාදාමය පැහැදිලි කෙරෙන විස්තර හෝ යාන්ත්‍රණය ඇතුළත් නොවිණි.

එතැන් සිට ඉහළ පෙළේ සාකච්ඡා මෙන්ම සංචාර ද ක්‍රියාත්මක වුවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ආසන්නතම සංචාරය අවසන් මොහොතේ දී අවලංගු කෙරිණි. සාකච්ඡා ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට දෝෂාරෝපණ එල්ලකරගන්නා නමුත් මෙහි ප්‍රගතියක් ළඟා කරගැනීම සම්බන්ධයෙන් කැපවී සිටින බව පවසති.

කවර හෝ ලෙස අන්තර්මහාද්වීපික මිසයිල ප්‍රදර්ශනයක් වුවහොත් එය ඉදිරි සාකච්ඡා මෙන්ම කොරියානු අර්බුදයට අවසානයක් ළඟා කිරීම ප්‍රකාශයට පත්කිරීමේ කවර හෝ ගනුදෙනුවක් අවදානමේ හෙළන බව සෝල් අගනුවර සිටින බීබීසී වර්තාකාරීනී ලෝරා බිකර් පවසන්නීය.

මේ අතර වසර පහකට පසුව උතුරු කොරියාව සිය ප්‍රථම පුළුල් මහජන ක්‍රීඩා උත්සවය පැවැත්වීමට නියමිතව තිබිණි. අරිරන්ග් ලෙස හැඳින්වෙන එම ක්‍රීඩා උත්සවය විවිධාකාරවූ ප්‍රදර්ශනාත්මක අංගවලින් සමන්විතවූ ප්‍රචාරාත්මක අවස්ථාවක් ලෙස සැළකේ.

මේ වසරේ ක්‍රීඩා උත්සවයේදී ජයග්‍රාහී දේශය යන නමින් යුතුව උතුරු කොරියාවේ ඉතිහාසය සංකේතාත්මකව කතා පුවතක් ලෙස කියැවේ. සැප්තැම්බර් මාසය පුරා පැවැත්වීමට නියමිත මේ වසරේ ක්‍රීඩා උත්සවය ඉතා විශාල වුවක් විය හැකි බව පසුගිය සති දෙක තුළ ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කරයි.

පසුගිය ක්‍රීඩා උත්සව විශාල ක්‍රීඩාංගනවලදී ජිම්නාස්ටික් කණ්ඩායම් හා නර්තන අංගවලින් ද සමන්විතව පැවැත්විණි.

මෙවරත් ඉතා අලංකාර අංග ඇතුළත් විය හැකි වුවද, මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබුණේ මේ සඳහා දරුවන් බලහත්කාරයෙන් යොදවාගෙන ඇති බව හෝ එය සංවිධානය සඳහා යොදාගෙන තිබූ බවය.

About SirilakaNews

Check Also

image_1a652a9d5e

පෑරීසියේ නෝත්‍ර දාම් අපේ මව දේවස්ථානය ඓතිහාසික පල්ලීය ගින්නෙන් දැවෙයි! Noir Shet historic ( Our mother church ) of Paris has been burnt down by a fire.

ප‍්‍රංශයේ අගනුවර වන පැරීසියේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන නෝත්‍ර දාම් (අපේ මව දේවස්ථානය) කතෝලික දේවස්ථානයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *