Breaking News
Home / කලා / මයික් තවමත් පාසැල් සිසුවෙක් වුවද ඔහු සැබෑ ජීවිතයේ පියෙකු විය. Mike is still a schoolboy, although he is a real life father.

මයික් තවමත් පාසැල් සිසුවෙක් වුවද ඔහු සැබෑ ජීවිතයේ පියෙකු විය. Mike is still a schoolboy, although he is a real life father.

Ras-7-2Ras-7-3

Ras-7-4

දෙවෙනි ඉනිමේ මයික් ලෙස හදුන්වන දෙනුවන් සේනාධිර අද ලංකාවේ ජනප්‍රිය නළුවෙකි, නිවේදකයෙකි
ඉතා මැතකදි රුපවාහිනී වැඩසටහන් හරහා රසිකයන් තුල මහත් ජනාදරයට පත් දෙනුවන් හෙවත් ඔබ වඩා හොදින් හදුනන මයික්ගේ පෞද්ගලික තොරතුරු සොයා ඔහු සමග වු පිළිසදරක සටහනකි මේ  

ඉතින් දෙනුවන් කොහොමද ජීවිතේ.

සතුටින් හොඳින් ගෙවනවා.

කලා ක්ෂේත්‍රයේ මොනවද මේ දිනවල කරෙන්නේ.

දෙරණ නාළිකාවෙන් විකාශය කෙරෙන දෙවෙනි ඉනිමේ මයික්ගේ චරිතය නිරූපණය කරනවා. ඒ වගේම රූපවාහිනී වැඩසටහනක් කරනවා.

මයික්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ගැන ඉතාම සතුටුයි. දැන් දෙනුවන්ට වඩා මයික් ජනප්‍රියයි.

මයික් තවමත් පාසල් ගියාට දෙනුවන් දැන් පියෙක්.

අනේ ඔව්(හිනා)මම දැන් මාස හතක දියණියකගේ තාත්තෙක්. මම ඉතින් කොහොමත් හැම වෙලේම සතුටෙන් ඉන්න උත්සාහ කරන කෙනෙක් නිසා මගේ චරිත බලන කිසිම කෙනෙක් හිතන්නේ නෑ මම තාත්තා කෙනෙක් කියලා.

කොහොමද රංගනයයි, පවුල් ජීවිතයයි සමබරව පවත්වාගෙන යන්නේ.

ඒකට විශේෂයෙන් ස්තූති කළ යුත්තේ මගේ බිරියගේ අම්මා, තාත්තා, සහ ලොකු අම්මාට. ඔවුන් තමයි මගේ දරුවාව හොඳින් රැකබලාගෙන මටත්, මගේ බිරියටත් රැකියාව කරගෙන යෑමට සුදුසු මානසිකත්වය ලබා දෙන්නේ. ඒ අය නැත්නම් මට මේ තරම් නිදහසේ ඉන්න කාලය ලැබෙන්නේ නැහැ.

ඒ කියන්නේ ඔබ පියාගේ වගකීම්වලින් ඈත්වෙලාද?

අපෝ නැහැ. පියාගේ වගකීම් දරන නිසා තමයි දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට අමතරව කිසිම නාට්‍යයක් භාර නොගන්නේ. මොකද මම කැමැති නැහැ චරිත ගණනාවකට හිරවෙලා කරගන්න බැරිතරම් වැඩ කොටසක් භාරගෙන දරුවාගේ වැඩවලින් මිදිලා ඉන්න. ගෙදර දොරේ බඩු මුට්ටු ගේන වැඩ සහ අනිකුත් වැඩ සියල්ල සිදුවන්නේ මගේ අතින්.

අපි පුංචි දෝණි ගැනත් කතා කරමු.

ඇය ෂෙලිනා රෙහන්සා සේනාධි. දැන් මාස හතයි. මට දැනෙන්නේ ඇය වැඩිය ආදරේ අම්මට. ඒ වුණාට මගෙත් එක්ක ඇවිදින්න යන්න කැමැතියි.

ෂෙලිනාගේ අනාගතය ගැන දෙමවුපියන් විදිහට දකින හීන ඇති නේද?

මගේ හීනය මගේ දියණිය කවදා හෝ නිළියක් කිරීමයි. ඇයත් දවසක මම වගේම කලාවේ රැඳේවි. මට නළුවෙක් වෙලා ජනතාව සතුටු කරන්න පුළුවන්නම්, මගේ දියණියත් ඒ වෘත්තිය කරනවාට මම කැමැතියි.

දෙනුවන්ගේ වෘත්තිය ජීවිතයට බිරියගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

මගේ බිරිය තමයි මගේ හොඳම රසිකාවිය. මගේ දෙමවුපියන්, මිතුරන් පවා මට නළු පිස්සුව හැදිලා යැයි විහිළුවට ලක්කළ කාලයේ ඇය මගේ පෙම්වතියව සිට මට රංගන ශිල්පියකු වන්න ශක්තිය දුන්නා. අදටත් නිවෙසේ වගකීම්වලින් නිදහස්කර මට නිදහසේ රංගනයෙහි නිරතවෙන්න ශක්තිය දෙනවා.

ගෙදර විවේකයෙන් ඉන්න වෙලාවට මොනවද කරන්නේ.

ඉස්සරනම් දෙමළ ෆිල්ම් බලනවා. දැන්නම් දුවත් වඩාගෙන ඇවිදින්න යනවා.

ඇත්තටම ඔබ දෙමළ භාෂාව කතා කරන්න දන්නවද?

ඔව් මට දෙමළ හොඳට කතා කරන්න පුළුවන්.මම දෙමළ ඉගෙන ගත්තේ පාසලෙන්.

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය යේ චබියා එක්ක කරන දෙමළ සංවාද පිටපතේ තිබෙන ඒවාද?

පිටපතේත් තිබෙනවා.මටයි චබියාටයි පිටපතෙන් එහා ගිහින් දෙබස් කියන්නත් අවස්ථාව දීලා තිබෙනවා.

දෙනුවන් දැන් හාස්‍ය රංගනයට සීමාවෙලා කියා හිතෙන්නෙ නැද්ද?

මම කැමැතියි හාස්‍ය රංගන ශිල්පියකු ලෙස මාව හඳුන්වනවාට. චාලි චැප්ලින්, මිස්ට බීන් වැනි චරිත මුළු ලෝකයාම දන්නේ හාස්‍ය රංගන ශිල්පීන් ලෙස. මමත් ඔවුන්ගේ අඩිපාරේ යන්න උත්සාහ කරන රංගන ශිල්පියෙක්.

දෙවෙනි ඉනිමේ මයික්-චබී සුසංයෝගය ගැනත් කතා කරමුද..

මගේ ජීවිතේට හමුවුණු හොඳම පාට්නර්. මම හිතන්නේ චබී තරම් ගැළපෙන චරිතයක් මට හම්බවෙලා නෑ. ඇත්තටම දෙවෙනි ඉනිමේ මයික් චරිතය ලබාදුන් දෙරණ සභාපති සහ දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් සහ පිටපත් රචක සමන් එදිරිමුණි මහත්වරුන්ට ස්තූතියි.

දෙනුවන්ගේ ඉදිරි වැඩකටයුතු ගැනත් රසිකයන්ට කියමුද?

තව අවුරුදු දෙකක් විතර දෙවෙනි ඉනිම විකාශය වේවි. නිවේදන කටයුතුත් ඒ අතර සිදුවේනවා මේ කෙෂ්ත්‍රයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා ඒ අතර හොඳ නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා. මේ හැමදේම අතරතුර ගෙදරදොරේ වගකීම් ඉටුකරන එක තමයි මගේ බලාපොරොත්තුව.

අන්තර්ජාලය ඇසුරෙනි!

About SirilakaNews

Check Also

samitha

ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world

මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *