Breaking News
Home / ප්‍රධාන පුවත් / මෙරට පුරවැසියන්ගෙන් සියයට අසූවක (80%) පමණ පිරිසක් නීතිය පිළිබද දැනීමක් නෑ! ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති About 80% of citizens in the country have no knowledge of the law, Chairman of the Law Association of Sri Lanka

මෙරට පුරවැසියන්ගෙන් සියයට අසූවක (80%) පමණ පිරිසක් නීතිය පිළිබද දැනීමක් නෑ! ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති About 80% of citizens in the country have no knowledge of the law, Chairman of the Law Association of Sri Lanka

racial-discrimination-laws

මෙරට පුරවැසියන්ගෙන් සියයට අසූවක (80%) පමණ පිරිසක් නීතිය පිළිබඳව නොදන්නාකමින් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නොහැකිව ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටින බව පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

ඉකුත් ජූලි මස 7 හා 8 යන දෙදින තුළ පැවැති නීති ආධාර දීමේ වැඩසටහන සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම දහස් ගණන් පිරිසක් නීති ආධාර ලබාදීමේ කාර්යාල වෙත පැමිණි බවත් එකී පුද්ගලයන් සමඟ සිදුකළ කතා බහේදී සහ අධිකරණ ක්‍රියාවලියේ නිරත වන අවස්ථාවන්හිදී ඔවුන්ගේ එම නොදැනුවත්කම පිළිබඳව තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණු බවද ඒ මහතා පෙන්වා දෙයි.

නීතිය පිළිබඳව මූලික දැනීමවත් නොමැතිකම හේතුවෙන් ඇතැම් අය ඔවුන්ට සිදුව තිබෙන අසාධාරණකම් වෙනුවෙන් නීතියේ පිහිට පතා නොමැති බවත් තවත් පුද්ගලයන් පිරිසක් නඩු මඟට බැස ඔවුන් සතු මිල මුදල් නාස්ති කර ගනිමින් ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටින බවට කරුණු අනාවරණය වන බවත් ඒ මහතා කීය.

මෙම ගැටලුවට පිළියමක් වශයෙන් සෑම පාසල් දරුවකුටම නීතිය පිළිබඳව මූලික දැනීමක් හෝ ලබා දීම සඳහා පාසල් මට්ටමින් නීති උපදෙස් දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නීතිඥ සංගමය අදහස් කරන බවද ඒ සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇති බවද ඒ මහතා පැවැසීය.

පසුගියදා පැවැති ‘නීති සතිය’ තුළදී නීති ආධාර ගැනීම සඳහා පැමිණ සිටි අයගෙන් වැඩි පිරිසක් ඉඩම් හා පවුල් ආරවුල්වලට සම්බන්ධ වූවන් බවද එකී නඩුහබ එසේ දිග්ගැස්සී ඇත්තේ ඔවුන්ට නීතිය පිළිබඳව මූලික දැනීමක් හෝ නොමැතිකම නිසා බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

About SirilakaNews

Check Also

Untitled-1

රට අස්ථාවරයි විදේස් මුල්‍ය ආයෝජකයින් සිය ආයෝජන ඉවත්කරගනී! The country is unstable, Foreign financial Investors withdraw their investments

        017 වසරේ දෙසැම්බර් මස 31 දිනය වන විට මෙරට පැවැති විදේශ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *