Breaking News
Home / දේශපාලන / නාම පුවරු ලිවීමේදී මුලින්ම සිංහල භාෂාවෙන් ලිවිය යුතු යැයි කොතැනකවත් සඳහන්ව නෑ! මනෝ ගනේෂන්, No mention has been made that the name of the name board should first be written in the Sinhala language.Mano ganeshan

නාම පුවරු ලිවීමේදී මුලින්ම සිංහල භාෂාවෙන් ලිවිය යුතු යැයි කොතැනකවත් සඳහන්ව නෑ! මනෝ ගනේෂන්, No mention has been made that the name of the name board should first be written in the Sinhala language.Mano ganeshan

Untitled-1

නාම පුවරු ලිවීමේදී මුලින්ම සිංහල භාෂාවෙන් ලිවිය යුතු යැයි කොතැනකවත් සඳහන්ව නොමැති බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

උතුරු පළාතේ නාම පුවරු ලිවීමේදී පළමුව දෙමළ භාෂාවෙන්ද, දෙවැනුව ඉංගී්‍රසි භාෂාවෙන්ද තෙවැනුව සිංහල භාෂාවෙන්ද ලිවිය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ ප්‍රකාශය කර ඇත්තේ දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ.

මේ රටේ සිංහල වගේම දෙමළ භාෂාවත් රාජ්‍ය මෙන්ම ජාතික භාෂා වෙනවා. උතුරු නැඟෙනහිර පළාත්වල වැඩියෙන්ම ජීවත් වෙන්නේ දෙමළ භාෂාව කතා කරන ජනතාවයි.

එම පළාත්වල නාම පුවරු ලිවීමේදී පළමුව දෙමළ භාෂාවෙන්ද දෙවැනුව සිංහල භාෂාවෙන්ද ලිවීමේ වරදක් මම දකින්නේ නැහැ. මුලින්ම සිංහල භාෂාවෙන් නාම පුවරු ලියන්න ඕන කියලා කිසිම නීතියක් නැහැ. සිංහල ජනතාව බහුලව ජීවත් වන ප්‍රදේශවල සිංහල භාෂාවෙන් ලිවීමේ වරදක් නැහැ.

එමෙන්ම යම් යම් ප්‍රදේශවල නම් උච්චාරණය කිරීමේදී දෙමළ භාෂාවෙන් එක් ආකාරයකටද සිංහල භාෂාවෙන් තවත් ආකාරයකටද උච්චාරණය විය හැකියි.

About SirilakaNews

Check Also

image_3727ab17d3

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 16 ට වැඩි සෘජු ආයෝජන,අමාත්‍ය මලික් සමරවික්‍රම The Singapore Free Trade Agreement makes direct investments of more than US $ 16 billion, Minister Malik Samarawickrama

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලයකදී ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *