Breaking News
Home / ප්‍රධාන පුවත් / ඩොලරයට සාපේක්ෂව රුපියල මේ දිනවල අඛණ්ඩව පහල යමින් තිබේ! The rupee is continuing to decline relative to the dollar

ඩොලරයට සාපේක්ෂව රුපියල මේ දිනවල අඛණ්ඩව පහල යමින් තිබේ! The rupee is continuing to decline relative to the dollar

 Untitled-1

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව  පහළ යන ශ්‍රී ලංකා රුපියල මේ  දිනවල අඛණ්ඩව පහල යමින් තිබේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අළුත්ම විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.93ක් ලෙසත් ගැනුම් අගය 158.73ක් ලෙසත් දැක්විණි.

මේ අනුව ශ්‍රී ලංකා රුපියල මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය.

ශ්‍රී ලංකා රුපියල පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත.

පසුගිය වසරේ දී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.

About SirilakaNews

Check Also

Untitled-1

රට අස්ථාවරයි විදේස් මුල්‍ය ආයෝජකයින් සිය ආයෝජන ඉවත්කරගනී! The country is unstable, Foreign financial Investors withdraw their investments

        017 වසරේ දෙසැම්බර් මස 31 දිනය වන විට මෙරට පැවැති විදේශ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *