Breaking News
Home / දේශපාලන / ගෝඨාභය සහ ඉදිරි ජනාධිපතිවරණය ! Gotabaya and the next presidential

ගෝඨාභය සහ ඉදිරි ජනාධිපතිවරණය ! Gotabaya and the next presidential

Untitled-1

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජයග්‍රාහී අපේක්ෂකයා බව නිරික්ෂණය වන්නේ පක්ෂ පාට බේදයෙන් තොරවය.

මේ සත්‍යතාවයට වඩා හොදම නිදසුන වන්නේ ඔහුගේ ආගමනය නවතවා ගැනීම සදහා ඔහුට විරුද්ධ මෙරට දේශපාළන පක්ෂවලට වඩා ඒ කෙරෙහි වර්ථමානය වන විට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් එල්ලවෙමින් පවතින කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක ස්වරුපයය

ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ප්‍රමුඛ බටහිර රටවල තානාපතිවරුන් පිරිසක් එරටවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන හරහා රට පුරා සුක්ෂම ලෙස මෙම දේශපාලන කුමන්ත්‍රණය දියත්කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ ප්‍රගමනයට අපමන බියක් දක්වන මෙරට සමහර දේශපාලකයින් ඊට සෘජු හා වක්‍ර සහයෝගය ලබාදෙන බවද විවිධ මාධ්‍ය තොරතුරු හරහා විෂ්ලේෂණය වෙති

ඇවන්ගාඩ්,සුදු කොඩි,හෝ රාජ්‍ය මුදල් අවභාවිතාව  උපයොගි කොට ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුව ගත හැකි දැයි අමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රෑසක උසස් තානාපති නිළධාරීන් රජයට උපදෙස් ලබා දෙමින් සිටින බව වාර්තාවන අතර මෙරට රාජ්‍ය නොවන සංවිධාන රෑසක් ගෝඨාභය රජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් නොකරණ ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය හරහා එරටින් විශේෂ ඉල්ලිමක් කර ඇති බවද ඊට මෙරට සුළු පක්ෂ රෑසක නායකයින් කිහිප දෙනෙක්ද සහයෝග ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඉදිරී ජනාධිපතිවරණය සදහා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය මෙතෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නැඹුරුවී තිබුණද පවතින තත්වය යටතේ පොදු ජන පෙරමුණ උපක්‍රමශීලී ක්‍රියාදාමයක ආවර්ථනය වී ඇති බව දක්නට ඇති මුත් ඒ හරහා රට හමුවේ එම පක්ෂයට අත්වෙමින් පවතින තත්වය එතරම් සතුටු දායක නොවන බව ජනාධිපතිවරණය අභිමුඛයේ ඒම පක්ෂයේ නායකයින්ට සහ වේදිකාවල බහුභුත කියවන කතිකයින්ට එත්තුගැන්වී නොතිබෙන බවක් රටේ ජනතාව මතින් නැගෙමින් පවතින චෝදනාත්මක විවේචනය ස්මතුකොට පෙන්වයි.

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයෙන් බැහැර වුවහොත් මෙරට පොදු ජන බලාපොරොත්තුව විනාශ කිරිමේ වරදට පොදුජන පෙරමුණද ඉතිහාසයේ කුණු බක්කියට වැටෙණු නොඅණුමානය බව වත්මන් සමජයේ ජනතා අවශ්‍යතාවය අනතුරු අගවයි.

About SirilakaNews

Check Also

image_3727ab17d3

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 16 ට වැඩි සෘජු ආයෝජන,අමාත්‍ය මලික් සමරවික්‍රම The Singapore Free Trade Agreement makes direct investments of more than US $ 16 billion, Minister Malik Samarawickrama

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලයකදී ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *