Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ඉතාලියේ අධිවේගී මාර්ගයක මාරාන්තික අනතුරක්! Italy’s highway A fatal accident.

ඉතාලියේ අධිවේගී මාර්ගයක මාරාන්තික අනතුරක්! Italy’s highway A fatal accident.

ඉකුත් 06 වෑනිදා (06.08.2018) දහවල් 13.40 ට ඉතාලියේ බොලොන්ඤ්ඤා නගර ආසන්නයේ  එ,14 (A,14) මාර්ගයේ සිදුවු මාරාන්තික රිය ආනතුරින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදිම   මිය ගොස්  67 දෙනෙකු බරපතල සහ සුළු තුවාල ලබා ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

මාරගයේ දෙවෙනි මයිමේ ගමන් ගත් GPL හෙවත් ගෑස් පිරවු බවුසරයක පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් වේගය පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් බවුසරයේ පිටුපස ගැටී මාර්ගය හරහා කැරකවි ආරක්ෂිත වැට සුනුවිසුණු වීම හරහා මොහොතකින් ගෑස් සමග බවුසරය පුපුරා යමෙන් මෙම අනතු ර සිදුවිය.

මේ දිනවල ඉතාලියේ පවතින අධික උෂ්ණධික තත්වය (C°37 ට වෑඩි ) හේතුවෙන් අදාල ප්‍රදේශයේ පවතින එවැනි අධික උෂ්ණ බවත් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහානවලින් පිටවන උෂ්ණත්වයත් පරිසරය ගිනියම් කොට තිබු අතර අනතුර සිදුවිමෙන් ගෑස් සහිත බවුසරය අනිවාර්යෙන් පුපුරායන බව අවබෝධ කරගත් රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරීන් තම ජිවිතද නොතකා මාරගයේ වාහනවලින් ගමන් කරමින් සිටි සියළු දෙනා අනතුර සිදුවු ස්ථානයෙන් වහා ඉවත් කිරිමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුවි සුළු වේලාවකදි විශාල හඩක් නන්වමින් ගෑස් සමග බවුසරය පුපුරා ගිය අතර ඉන් බිදිගිය කොටස් වලින් ප්‍රදේශයේ සහ මාර්ගයේ රෑදි සිටි පුද්ගලයින් හැට හත්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. අසල වෙළද ප්‍රදර්ශණාගාර දෙකකට හා නිවාස රෑසකටද බරපතළ හානි සිදුවිය.

එහිදි මාර්ගස්ථ රාජකාරියේ යෙදිසිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකුට හානි සිදුවිය.

එම නිළධාරීන් දෙදෙනාගේ තත්වය තරමක් බරපතල බව පවසන එකී මාධ්‍ය තවත් පොලිස් නිළධාරින් 11 දෙනෙකු සුළු තුවාල ලබා ඇතැයිද වාර්තා කරයි.

ඉතාලියේ උතුරු පළතේ සිට දකුණට(මිලානෝ – රෝමය ) දිවෙන එ,14 (A,14) අධිවේගී මාර්ගයේ බොලොන්ඤ්ඤා නගර පිවිසුම ආසන්නයේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ අධික වාහාන ප්‍රමානයක් පැවැති අතර උදාව පවතින ග්‍රිස්ම නිවාඩුව සදහා බොහෝ පිරිසක් විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් සිටින අවස්ථාවක සිදුවු මෙම අනතුර හරහා සිදුවිමට ගිය මිනිස් ජීවිත විනාශය මාර්ගස්ථ පොලිසියේ සක්‍රිය මැදිහත්වීම හරහා වැලකී ගිය බව තවදුරටත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වාර්තා සදහන් කරයි.

www.sirilakanews.com

About SirilakaNews

Check Also

NAVE

ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට එල්ල කළ ප්‍රහාරයට සෞදි අරාබිය,ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා කරයි. Saudi Arabia and the United States accuse Iran of assault on two oil ships at Gulf Coast.

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *