Breaking News
Home / පුවත් / අගමැතිවරයා යටතේ ඇති වගා බදු අරමුදලේ රුපියල් කෝටි 800කට සිදුවූ දෙයක් නෑ!ගොවි සම්මේලනය කියයි.In the cultivation tax scheme under the Prime Minister Rs. 800 million has disappeared.Farmers’ Federation

අගමැතිවරයා යටතේ ඇති වගා බදු අරමුදලේ රුපියල් කෝටි 800කට සිදුවූ දෙයක් නෑ!ගොවි සම්මේලනය කියයි.In the cultivation tax scheme under the Prime Minister Rs. 800 million has disappeared.Farmers’ Federation

_DSC1254

අගමැතිවරයා යටතේ ඇති “වගා බදු අරමුදලේ” රුපියල් කෝටි 800කට සිදුවූ දෙයක් නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවැසුවේ ගොවීන්ගේ වගා වන්දි වෙනුවෙන් කෘෂි රක්ෂණ මණ්ඩලය වගා බදු අරමුදලින් රුපියල් කෝටි 700ක් ඉල්ලා සිටි විට එහි තිබූ මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව දැනගන්නට ලැබී ඇති බවයි.

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් දුන් සුද්දය වගා බදු අරමුදලටත් දී ඇත්දැයි වහාම සොයා බැලිය යුතු බවද කරුණාරත්න මහතා පැවැසීය.

එම වගා බදු අරමුදලට මුදල් වෙන් වන්නේ මෙරට රාජ්‍ය හා පෞද්ගලික සියලුම මූල්‍ය ආයතනවලින් වාර්ෂිකව ලැබෙන 1%ක පොලියක් යටතේ වන අතර එම අරමුදල හරහා ගොවියා යම් විපතකට පත් වූ විට ඔහුට වන්දි ලබා දිය හැකි බවද ඒ මහතා කීය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ ආණ්ඩුව මාධ්‍ය සන්දර්ශන පවත්වමින් ගොවීන්ට වගා වන්දි දුන් බව පැවැසුවද දැනටත් වන්දි නොලැබූ පිරිස 90%කටත් ආසන්න බවය.

About SirilakaNews

Check Also

shutterstock_1324901444-375x200

සෞඛ්‍ය අමාත්‍යංශය මුලික ප්‍රමිතියවත් නැති ඖෂධ රෝහල්වලට ලබාදිලා! The Ministry of Health has given medicines to hospitals which are not even up to standard.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මුලික ප්‍රමිතියවත් නැති ඖෂධ රෝහල්වලට ලබාදිම හරහා දියවැඩියාව,හෘද රෝග,පිළිකා සහ වකුගඩු රෝගීන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *