Breaking News
Home / පුවත් / මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු විරෝධය! A trio of hydropower plants objected to engineering.

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු විරෝධය! A trio of hydropower plants objected to engineering.

turbine_and_counter_weight_photo_by_first_hydro_company

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු (ඹ්ව්ට්) බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු සංගමය අවධානයෙන් පසුවන බවත් ඒවා රටටත් විදුලිබල පද්ධතියටත් ගැළපෙන පරිදි අවම මිලක් යටතේ ගෙන්විය යුතු බවත් ලංවිම ඉන්ජිනේරු සංගමය පවසයි.

ජපානය, ඉන්දියාව, චීනය යන රටවල් ත්‍රිත්වය ස්වාභාවික ද්‍රවවායු බලාගාර යෝජනා මෙරටට ඉදිරිපත් කර ඇති බවත් ඉන් ජපානය හා ඉන්දියාව ඉදිරිපත් කර ඇත්තේ මෙගාවොට් 500ක බලාගාර යෝජනාවක් වන අතර චීනය මෙගාවොට් 400ක ධාරිතාවක් සහිත බලාගාර යෝජනාවක් බවත් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු  පැවැසීය.

එවැනි විශාල ධාරිතාවක් සහිත බලාගාර මෙරටට නොගැළපෙන බවත් ඒ හරහා පද්ධතියේ තාක්ෂණික ගැටලු මතුවී පද්ධතියේ බිඳ වැටීමට හේතුවිය හැකි බවත් ඔහු පැවැසුවේය.
මෙම යෝජනා ආණ්ඩුවෙන් ආණ්ඩුවට යෝජනා වන යෝජනා වුවත් අවම මිල තීරණය කොට බලාගාර ගිවිසුම්වලට එළැඹිය යුතු බව සිය සංගමයේ මතය බවද ඔහු කීවේය.

එසේම ඉදිරි ජනන සැලැස්ම සඳහා මෙකී යෝජනා ඇතුළත් කළ යුතු බවද හෙතෙම පැවැසීය.

ඒ අනුව මෙරට පද්ධතියට තාක්ෂණික වශයෙන් ගැළපෙන, උචිත ධාරිතාවන්ගෙන් යුතු, අවම මිලක් යටතේ, ඉදිරියේදී ගෙන්වීමට නියමිත ස්වාභාවික ද්‍රවවායු බලාගාර ලංකාවට හඳුන්වා දිය යුතුව ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

About SirilakaNews

Check Also

Italy-Train

ඉතාලියේ අධිවේගී දුම්රිය ආයෝජනය ශ්‍රී ලංකාවට අහිමි වුයේ කෙසේද? Italy’s high-speed rail investment How did Sri Lanka lose?

විදෙස් ආයෝජන ගලා නො ඒම ලංකාවේ ආර්ථික අර්බුදයට එක් හේතුවක්ය යන්න ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. එවැනි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *