Breaking News
Home / ජාත්‍යන්තර / බ්‍රෙක්සිට් සමග ඇමරිකා බ්‍රිතාන්‍ය වෙළද ගැටළු! American British Trade issues with brexit.

බ්‍රෙක්සිට් සමග ඇමරිකා බ්‍රිතාන්‍ය වෙළද ගැටළු! American British Trade issues with brexit.

MAY-E-TRUMP-e1531650377290-625x350

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් ඉදිරියට යන්නේ නම් එක්සත් රාජධානියට බොහෝවිට ඇමෙරිකානු වෙළෙඳ වාසි “නොලැබිය හැකි” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත්කෙරෙන ද සන් (The Sun) පුවත්පත සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසන්නේ අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් “බොහෝවිට (වෙළෙඳ) අවකාශ මරාදමනු ඇති” බවය. ඒ අනුව එක්සත් රාජධානිය වෙනුවට ඇමෙරිකාව “යුරෝපා සංගමය සමග වෙළෙඳ ගනුදෙනුවල නිරතවනු ඇත.”

බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ කාර්යාලය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

ජනපති ට්‍රම්ප්ගේ පළමු බ්‍රිතාන්‍ය සංචාරයේදී ඇමෙරිකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා කළාය. එහිදී යුරෝපා සංගමයෙන් ඉවත්වීම ඇමෙරිකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වර්ධනයක් ඇති කිරීමට ලබුණු “අවස්ථාවක්” බව ඇය ප්‍රකාශ කළාය.

About SirilakaNews

Check Also

Migrant-724805

නීති විරෝධී සංක්‍රමනිකයින් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන අවුලක්! Britain’s political issue regarding illegal immigrants.

නීති විරෝධී සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමේ ඉලක්ක සම්බන්ධයෙන් “නොදැනුවත්ව” පාර්ලිමේන්තුව “නොමග යැවූ බව” පිළිගනිමින් බ්‍රිතාන්‍යයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *