Breaking News
Home / කලා / දෑවෙන විහගුන් රිදී තිරයට! DEWENA VIHAGUN on the silver screen.

දෑවෙන විහගුන් රිදී තිරයට! DEWENA VIHAGUN on the silver screen.

180628-news-2

සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමාපටය දැවෙන විහඟුන් ජුලි 29 වැනිදා සිට රිත්මා මණ්ඩලයේ රීගල් ඇතුළු සිනමා ශාලාවන් වෙත පැමිණීමට නියමිතය.

විදෙස් සම්මාන උලෙළයන් කිහිපයක් නියෝජනය කිරීමට සමත් වූ මෙම සිනමා සිතුවම ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.

රේණුකා බාලසූරිය සහ ආචාර්ය සෝමරත්න දිසානායක දැවෙන විහඟුන් මෙරට නිෂ්පාදකවරයෝය.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ් සහ සංජීව දිසානායක මෙහි චරිත රංගනයේ යෙදෙති.

කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. අජන්ත අලහකෝන් ඇඳුම් නිර්මාණ ශිල්පියාය. පියතිස්ස අකුරම්බොඩගේ කලා අධ්‍යක්ෂණයකි. ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් දායක විය. අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනාගේ සංස්කරණයකි. එළි අකෝකා වර්ණ සංයෝජනයෙන් එකතු වී තිබේ.

ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් ශබ්ද පරිපාලකයෝය. පළමු සහාය අධ්‍යක්ෂණයෙන් අරුණ තිලකරත්න ද, දෙවන සහාය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න ද මේ සඳහා එකතු වූහ. හැරල්ඩ් කරුණාතිලකගේ නිෂ්පාදන කළමනාකරණයකි.

දැවෙන විහඟුන් සිනමාපටය මේ වන විට අන්තර් ජාතික සම්මාන පහක් හිමි කරගෙන තිබේ. එය අන්තර් ජාතික සම්මාන උලෙළයන් දහ නවයක් නියෝජනය කොට ඇත. සංජීවගේ පළමුවැනි චිත්‍රපටය වූයේ ඉඟිළෙන මාළුවෝය. එය මෙරට තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ චිත්‍රපටයක් විය.

About SirilakaNews

Check Also

180628-film-3

සිනමාව යෝජනා සහ සංවාද! Cinema offers and conversations.

චිත්‍රපට බේදා හැරීම පෞද්ගලික අංශයෙන් චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගැනිම ඉකුත්දා සිදුවිය වර්ථමාන රජය සිනමා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *