Breaking News
Home / දේශපාලන / තම ආර්ථික දැක්මට රජය බියවී තිබේ, ගෝඨාභය රජපක්ෂ The government is afraid of its economic vision, Gotabaya rajapaksha

තම ආර්ථික දැක්මට රජය බියවී තිබේ, ගෝඨාභය රජපක්ෂ The government is afraid of its economic vision, Gotabaya rajapaksha

 download

වියත්මඟ දේශනයේදී තමන් දැක්වූ කරුණු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවැසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇතැයි හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

වැදගත් වන්නේ ප්‍රතිපත්ති නොව එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව වන බැවින් වියත්මඟ දේශනයේදී තමන් දැක්වූ අදහස් හා වෙනත් පාර්ශ්වයක අදහස් සමාන බව කවුරුන් කීවත් එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව හා නොහැකියාව, අදාළ පාර්ශව හා තමන් අතර ඇති වෙනස බවද ඒ මහතා මෙහිදී පැවැසීය.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතු සඳහා මුදල් දුන් බවට කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවැසීය. “ඒ සමයෙහි ඔහු රාජ්‍ය නිලධාරියෙක්. දේශපාලකයන්ට ඡන්ද කටයුතු සඳහා මුදල් දීම නීති විරෝධී කටයුත්තක්. නමුත් මම නම් කාගෙන්වත් සල්ලි ගත්තේ නැහැ මාධ්‍යවේදීන් කළ විමසීමකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දෙමින් පැවසීය.

About SirilakaNews

Check Also

Untitled-1hvkh.

ගෝඨාභය සහ ඉදිරි ජනාධිපතිවරණය ! Gotabaya and the next presidential

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජයග්‍රාහී අපේක්ෂකයා බව නිරික්ෂණය වන්නේ පක්ෂ පාට බේදයෙන් තොරවය. මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *