Breaking News
Home / ක්‍රීඩා / ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රීලංකාවෙන් ක්‍රිඩකයින් 185 ක්. The Asian Games, which is scheduled to be held in Indonesia, will feature 185 athletes from Sri Lanka.

ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රීලංකාවෙන් ක්‍රිඩකයින් 185 ක්. The Asian Games, which is scheduled to be held in Indonesia, will feature 185 athletes from Sri Lanka.

download (1)

අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට 185කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව පිහිනුම්, මලල ක්‍රීඩා, දුනු විදීම, බැඩ්මින්ටන්, බේස්බෝල්, බොක්සිං, බාස්කට් බෝල්, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, සත් සාමාජික රග්බි, ස්කොෂ්, මේසපන්දු, ටෙනිස්, වොලිබෝල්, බර ඉසිලීම, මල්ලවපොර, වූෂු වැනි ක්‍රීඩා ඉසව් 28ක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 138ක් හා ක්‍රීඩිකාවන් 47ක් මෙම උළෙල නියෝජනය කිරීමට අවකාශය සැලසී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසා ඇත්තේ සෑම ක්‍රීඩා සංගමයකටම වැදගත් පණිවුඩයක් මෙයින් ලබා දෙන බවය. “පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලට ලංකාවෙන් සහභාගි වුණේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 80 දෙනකු පමණයි. ඒත් මෙවර අපි එය දෙගුණයකටත් වඩා වැඩි කිරීම තුළින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සාර්ථකත්වය ළඟා කරගැනීමට හැකි වනවා වගේම ක්‍රීඩා සංගම් වුණත් මේ තුළින් යම් පිබිදීමකට ලක් වෙනවා” යැයිද ලේකම්වරයාගේ අදහස විය.

About SirilakaNews

Check Also

_101223942_athlete

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට රන් පදක්කමක් දිනා ගත් ආර්.ඒ චන්ද්‍රදාස R.A Chandradasa won the gold medal for the first time in Sri Lanka

වයස්ගත වීම සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මුල්බැස ගත් ගතානුගතික මතවාද (Stereotype) සහ ආකල්ප (Attitude)වෙනස් විය යුතු බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *