Breaking News
Home / නවකතාව / වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ – 87

වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ – 87

WASANTHA GEETHAYA 87

මාලිංග සමදරා සමග අනුරාධපුරයේ ගියේ සතුටිනි.
නිම්සරාතුලද ඒ පිළිබද වෙනස් සිතිවිල්ලක් නො උපන්සේය.

තම දියණිය හමුවිමෙන් පසු මාලිංග තුල යම් වෙනසක් ඇති බව නිම්සරාට කීප වතාවක්ම ඔහුගේ හැසිරිම් රටාවේන් වැටහෙන්නට විය.

සමදරා බෙහෙවින්ම මාලිංගගේ හැඩරුවට සමාන වී තිබිම නිසා මාලිංග තුල ඊටත් සියුම් ආඩම්බරයක් පවතින බව නිම්සරාට සිත් විය.

කල්පනී තුලනම් මාලිංගට වැඩි සෙනෙහසක් පවතිනේ යැයි සිතිමට මෙතෙක් නිම්සරාට කිසිදු සාක්ෂියක් හමුවුයේ නැති නමුත් තම දියණියගේ පියා මාලිංග වන හෙයින් කිසියම්ම දවසක ඇයත් මාලිංග හා නොබැදෙවි යැයි සිතන්නට තරම් නිම්සරාගේ සිත කාරුණික නොවු තරම්ය.

නිම්සරා මාලිංග සමග විවාහවන විටත් කල්පනී සහ මාලිංග අතර පැවැති සම්බන්ධය ඇය හෝ ඇගේ පවුලේ කිසිවෙක් දැන සිටියේ නැති බව ඇයට සිහිවිය.

තම අප්පච්චීගේ කැමැත්තට තමන් මාලිංග සමග විවාහ වුයේ ජිවිතයේ වෙනත් කිසිවක් අභිමුඛ තම දෛවය වෙනස් නොවන බවට වු කරුණු කාරණා එක් තැන්වු වටපිටාවක හුදකලාවු අවස්ථවක නොවේ දයි ඇයට සිහිවිය.

අරවින්ද සමග සබදුණු දිගු ඉතිහාසයක් නැතත් ඔහු තමා පිළිබද උනන්දු වු අයුරු තමන් නිසා ඔහු ඛේදනීය ඉරණමකට ගොදුරුවී රෝගී වි සිටි අයුරු ඇයට සිතුවම් පෙළක් සේ මනසේ මැවෙන්නට විය.

ජිවිත කතාවේ තමන් සමග සබැදිව සිටි අප්පචිචි ජිවතුන් අතර නැත. තම ඒකම සොහොයුරිය සිටින්නේද සයුරින් එතෙරය.

තමන් සහ අරවින්ද අතර ළබදි ආදරණීය කතාවට දිගු ඉතිහාසයක් හෝ ඔහුගෙන් සමුගත් කදුළක් තමන් සතුව නැත.එය වසන්තයෙන් ඉක්බිතිව ඉඩෝරයට අසුවු ජිවිතයේදී වියළී ගියේය.

අහම්බෙන් වාගේ අරවින්ද නැවත හමුවුනත්………. ඔහු කෙරේ පෙර දවසක පවැති ආදරණීය හැගිම් තමන් අසළකවත් නැත.

එහෙත් ඔහු තනිකඩව සිටීම ඇගේ සිතට යම් තරමක අනුවේදනීය සිතුවිල්ලක් ජනිත කලේය.
එය එසේ වුයේ ඔවුන් අතර වු සබැදියාවේ ප්‍රතිපලයක් ලෙස දැයි ඇයගේ සිතට සැකයක සේයාවක් ජනිතව තිබුණේය.

තම ව්‍යාපරය සම්බන්ධ නීතිවේදියා ලෙස මාලිංග සමග වු වෘතීය සබදතාවය හරහා ඔහු යළිත් තම ජිවිතයට සම්බධන්වීම එක්තරා විදිහක දෛවෝපාග සිදුවිමක් වුවත් නිම්සරා මාලිංග සමග ගෙවමින් සිටි විවහා ජිවිතය අභිමුඛව ඇයට අරවින්ද හා පැවැති අතීත සබදතා සහමුලින්ම අමතක වු ස්වරුපයකින් කටයුතු කරන්නට නිතැතින්ම ඇගේ සිත ඇයට නිරන්තරවම අවවාදකර සිටියේ.

දෙතුන් වතාවක් නාදවු දුරකථනය නිහඩ වන්නට හැර නිම්සරා තම සිතිවිලි දාමයෙන් නොමිදෙන්නට වු උවමනාව නිසා යහනයේ අනිත් පැත්තට හරී දැස පියාගත්තේය.

එහෙත් ඇයට එකී සහන සිතිවිල්ලේ ගැලි ඉන්නට නොහැකිවිය විමසිමකින් තොරව  කාමරයට ආ සේවිකාව ඇගේ අත දුරකථනය තැබුවේ නෝනා මහත්තයගෙන් කොල් එකක් කියමින්ය.

ඔව් කියන්න මාලිංග! ඇය සාමාන්‍ය හැගිමෙන් ඔහු ඇමතුවාය.
නිමිසරා මම තව දවස් දෙක තුනක් අනුරාධපුරේ ඉන්නවා දුවගේ කාරණය කරගන්න බැරි උනා! කළින් කරගන්න පුළුවන් උනොත් මම එනවා!  මම මිස්ට රත්නායකට හෙට අර වෙන්දේසිය සම්බන්ධයෙන් මතක්කලා ඔයාට පුළුවන්නම් විතරක් ඒ පැත්තට යන්න බලන්න.

නිමිසරා ඊට කිසිවක් නොකිවේය එහෙත් ඇය ඔහුගේ කතාවට හුමිටි තැබුවේය.  අවසානයේ මහා ඉක්මනකින් මෙන් බුදු සරණයි කියා මාලිංග දුරකථනය විසංදි කළේය.

දුරකථනය ඇහුකම් දෙමින් සිටි සිරිල් අය්යාගේ මුහුණේ ඉරියව් වෙනස් වෙනු අරවින්දගේ නෙත ගැටුණේය.

දුරකථනය ඇහුම්කම් දෙමින් ඔහු කීප වරක් තමන් දෙස බලන අයුරුද අරවින්ද දුටුවේය.
කිසිවක් පැවසිමෙන් තොරව කියවමින් සිටි පොත අසළ වු පොටිකෝව මත තැබු  ඔහු සිරිල් වෙත යන්නට වුයේ හිසින් සංඥා කරමින් සිදුවන්නේ කුමක්ද යැයි විමසමින්ය.
මහත්තයා මල්ලී… වසන්ත මහත්තයා නැතිවෙලා!

සිරිල් දුරකථනය අරවින්දට දෙමින් පැවසීය
කුතුහළයෙන් යුතුව දුරකථන අතට ගත් අරවින්දට එහා කෙළවරින් ඇසුනේ සුපුන්ගේ කට හඩය
ඔව් මල්ලි! මොකද වුනේ! ඔහු සිය සහෝදරයාගෙන් විමසන්නට විය.
අය්යා වසන්ත අය්යා අද උදේ නැති උනා !
කොහේදීද? මොකක්ද වුනේ? සෙව්වන්දි කොහේද? අරවින්ද ප්‍රශ්න වැලක් සුපුන්ගෙන විමසන්නට වුයේ ක්ෂණික ඔහු තුල ඇතිවු කම්පනය නිසාය.

වසන්තගේ අවසන් කටයුතු යොදාගෙන තිබුනේ කිරිඇල්ලේ ඔහුගේ ගමේය.

අවසන් කටයුතු සදහා පැමිණ සිටි ගමේ කීප දෙනෙකු අරවින්දට හමුවුයේ දිගු කළකට පසුවය ඔවුන් කවුරුත් පෙරදා නොදැක්වු ගෞරවයකින් යුතුව අරවින්ද සමග කතාකළේය

රත්නපුරයේ සිට පැමිණි කිප දෙනෙක්ද අවමංගල්‍ය උත්සවයට සහභාගිවී සිටි අරවින්ද රත්නායක සුප්‍රකට නිතිඥයා දැක ඉතාම ගෞරවයෙන් ඔහු හා දොඩමළුවනු පැමිණ සිටි කවුරුත් දුටුවේය.
සුපුන් සහ සිරිල් මෙන්ම තිරප්පනේ අරවින්දගේ ගමේ සිට පැමිණි පිරිසත් අරවින්දට මිනිසුන් අතර ඇති ගෞරවය පිළිබද නිහතමානිව ආඩම්බර විය.

 

අනුරාධපුරයේ මාලිංග නැවතී සිටියේ තිසා වැව ආසන්නයේ සුදුඅරළිය නැමැති අති සුඛෝපබෝගී හොටලයේය.

ඔහු කල්පනීගේ නිවසට ආවාගිය මිසක් එහි නවාතැන් නොගත්තේය. සමහර දිනවල මාලිංගගේ දියණිය හවස්වනතුරුම තම පියා සමග හෝටලයේ ගත කලේය.

සමදරාටත් මාලිංගටත් පියෙකුගේ සහ දියණියකගේ සෙනෙහස සිත් උතුරා ගලා යන සතුටින් පිරී තිබුණේය.
එහෙත් කල්පනී සිටියේ වෙනත් නිගමනයකය.
සිය පියා හමුවිමෙන් පසු තම දියණිය දිනෙන් දින තමාගෙන් ඇත්වී යන බවක් ඇයට දැනෙන්නට විය. මාලිංග තමන්ව හැරගිය දා සිය දියණියත් සමග තනී වී ඉහිළු දුක් ගිනී යළි ඇවිලෙන්නට යන බවක් ඇයට දැනෙන්නට විය.
කල්පනීට සමානව නිම්සරාද ඊට නොදෙවෙනි මුත් මහා අතෘප්තිකාරි හැගිමකින් යුතුව සිත සමග උරණව නිරන්තරයෙන්ම කනසල්ලෙන් පසුවිය. සමදරා හමුවිමෙන් පසු මාලිංග තමාව සහමුළින්ම අමතක කල බවක් ඇයගේ සිතට තදින් ඇතුල්වී තිබුණේ බෝහෝ කරුණු කාරණා සහිතවය.

ලබන සතියට

ලියන්නේ අශෝක හෙට්ටිආරච්චි

 

About SirilakaNews

Check Also

was83

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 83

  අලුත් කාර්යාලයේ මේසය මත වු මල්බදුනට කිසිවෙකු විසින් නැවුම් සුවැදැති මල් පොකුරක් දමා තිබෙන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *