Breaking News
Home / ක්‍රීඩා / ලංකාවේ මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් හෙරොයින් භාවිතා කළ බව ශ්‍රී ලංකා පොලීසිය කියයි! The British rugby players who died in Sri Lanka used heroin say Sri Lanka Police

ලංකාවේ මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් හෙරොයින් භාවිතා කළ බව ශ්‍රී ලංකා පොලීසිය කියයි! The British rugby players who died in Sri Lanka used heroin say Sri Lanka Police

 _101935222_594a2c35-8ec8-4076-b6f2-0ce8aef2e60d

ශ්‍රී ලංකාවේ දී අබිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිලිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් තමන්ට ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය.

පොලිසිය ඒ බව සඳහන් කළේ සුහද රග්බි තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ‘Clems Pirates Rugby’ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පසුගිය මැයි මස මුලදී කොළඹදී අභිරහස් ලෙස මිය යාම පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව කැඳ වූ අවස්ථාවේදීය.

තෝමස් බැටී සහ තෝමස් හවර්ඩ් යන රග්බි ක්‍රීඩකයන් හදිසියේ මියගියේ සිය සංචාරය අතරවාරයේ කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විනෝදවීමෙන් අනතුරුවය.

ඔවුන් ගේ මරණ පිළිබඳ පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූයේ එම මරණ වලට හේතුව තුවාලයක් හෝ ස්වභාවික හේතුවක් නොවන බවය.

ඔවුන් ලබාගත් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍යයක් ඔවුන්ගේ මරණවලට හේතුවී ඇත්දැයි සොයා බැලීම පිණිස වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන්ගේ සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට මරණ සිදුවූ අවස්ථාවේදී තීරණය කෙරිණ.

කෙසේ වෙතත් එම රස පරීක්ෂණ වාර්තා තවමත් පොලිසියට ලැබී නොමැති නිසා එම මරණවලට නිශ්චිතම හේතුව තවමත් නිගමනය කිරීමට හැකිවී නැත.

මේ අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාට මත්ද්‍රව්‍ය ලබාදීමට අනුබල දුන් බවට සැක කෙරෙන කොල්ලුපිටිය ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරෙකුගේ සාක්ෂි ද අධිකරණය විසින් පසුගියදා සටහන් කරගෙන තිබේ.

About SirilakaNews

Check Also

z_p26-Sri-Lankan

රුසියාවේ පැවැත්වෙන සුහද පාපන්දු වැඩසටහනකට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකාවෙන් දරුවන් දෙදෙනෙකු ද තෝරාගෙන තිබේ. A selection of two children from Sri Lanka has been selected to participate in a friendly football program in Russia.

ජගත් පාපන්දු කුසලානයට සමගාමීව ලබන ජුනි මාසයේ රුසියාවේ පැවැත්වෙන සුහද පාපන්දු වැඩසටහනකට සහභාගි වීම පිණිස ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *