Breaking News
Home / දේශපාලන / රුපියල් ලක්ෂ 900 ක අක්‍රමිකතා සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් ප්‍රශ්න කරයි! Gotabhaya is questioned regarding the misappropriation of Rs.900 lakhs

රුපියල් ලක්ෂ 900 ක අක්‍රමිකතා සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් ප්‍රශ්න කරයි! Gotabhaya is questioned regarding the misappropriation of Rs.900 lakhs

 download

 තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් ලක්ෂ 900කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගියේය.

පොදු දේපළ පනත යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සුදනම්වූ අතර එම අවස්ථාවේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පොදූ දේපොළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකි විය.

අභියාචනාධිකරණය එම නඩුව පසුගිය ජුනි 14 වෙනිදා කැඳවු අතර එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන තහනම් නියෝගය ඉදිරියටත් බලාත්මක කිරීමට විනිසුරුවරුන් තීරණය කළේ.

එදින පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින් ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ජුනි 25 වෙනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අධිකරණය ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබිණි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත සඳුදා පැමිණියේ ඒ අනුවය.

About SirilakaNews

Check Also

images

මේ ආණ්ඩුවේ ඇමතිකම් දරන්නේ හාල්පාරුවෝ සුජීව සේනසිංහ කියයි This government’s ministras HALPARUWO – Says Sujewa senasingha

                              ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *