Breaking News
Home / ප්‍රධාන පුවත් / රට අස්ථාවරයි විදේස් මුල්‍ය ආයෝජකයින් සිය ආයෝජන ඉවත්කරගනී! The country is unstable, Foreign financial Investors withdraw their investments

රට අස්ථාවරයි විදේස් මුල්‍ය ආයෝජකයින් සිය ආයෝජන ඉවත්කරගනී! The country is unstable, Foreign financial Investors withdraw their investments

Untitled-1       

017 වසරේ දෙසැම්බර් මස 31 දිනය වන විට මෙරට පැවැති විදේශ ආයෝජන අරමුදල්වලින් රුපියල් කෝටි 2100ක පමණ මුදලක් ගතවූ මාස හය තුළ විදේශ ආයෝජකයන් විසින් ඉවත් කරගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව 2017-12-31 දින වන විට මෙරට මූල්‍ය වෙළෙඳපොළේ එක්රැස්ව තිබූ සමස්ත විදේශ ආයෝජනය රුපියල් කෝටි 32,200 කි. එම ආයෝජන ප්‍රමාණය මෙම ජූනි මස 14 දිනය වන විට රුපියල් කෝටි 2100කින් පමණ අඩුවී සමස්ත ආයෝජනය රුපියල් කෝටි 30,100 දක්වා පහත බැස ඇත.

ඊට හේතුව මෙරට මුදල් ආයෝජනය කර තිබූ ලොව ප්‍රධාන පෙළේ මූල්‍ය භාරයන් හා ආයෝජකයන් තමන්ගේ ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමයි.

අදාළ ආයෝජකයන් බහුතරය තමන්ගේ මූල්‍ය ආයෝජන සිදුකර තිබුණේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර ආදියෙහිය.

ලෝක ප්‍රකට මූල්‍ය ආයෝජන සමාගම්වල ටෙම්පල්ටන්, බ්ලැක් රොක් පිඩෙලිට්, පිම්කෝ ආදී සමාගම් මෙරට මුදල් ආයෝජනය කළ ප්‍රධාන සමාගම්ය.

භාණ්ඩාගාර බැඳුම්කරවලට මෙරට ගෙවන පොලිය ඉහළ මට්ටමක තිබියදීත් අදාළ ආයෝජන ආයෝජකයන් විසින් ඉවත් කරගෙන ඇත්තේ පවත්නා දේශපාලන අස්ථාවර තත්ත්වය නිසා යැයි මූල්‍ය හා ආයෝජන විශේෂඥයෝ පවසති.

About SirilakaNews

Check Also

Global_postcard_white_flag_painting_300.jpg.w560h373

ද්‍රවිඩ ජන සංහාරය නමින් කෞතුකාගාරයක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ පිහිටුවයි! Establishes a Tamil museum (massacre) in Toronto, Kanada

 ද්‍රවිඩ ජන සංහාරය නමින් කෞතුකාගාරයක් පිහිටුවීමට කැනඩාවේ ටොරෙන්ටෝ නුවර වෙසෙන ද්‍රවිඩ ඩයස්පොරාව විසින් එරට රජයෙන් කරන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *