Breaking News
Home / ප්‍රධාන පුවත් / මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහි නින්දිතයි! ඇමරිකාව කියයි. US quits biased UN human rights council .

මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහි නින්දිතයි! ඇමරිකාව කියයි. US quits biased UN human rights council .

Trump-976695

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය “දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අශූචි ගොඩක්” බව පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් ඉවත්වන බව නිවේදනය කළේය.

“කුහක සහ ආත්ම ලාභය” වෙනුවෙන් ක්‍රියාකරන මානව හිමිකම් මණ්ඩලය “මානව හිමිකම් සමච්චලයට ලක්කරන” බව ද එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජිතවරියවන නිකී හේලි (Nikki Haley)සඳහන් කළාය.

2006 දී පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේය. රටවල් 47 ක් එහි සාමාජිකත්වය හොබවති.

මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටළු සහිත රටවලට එහි සාමාජිකත්වය දැරීමට අවස්ථාව සැලසීම පිළිබඳ එයට විවේචන එල්ල වී තිබේ.

මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත්වීමට ඇති අපේක්ෂාව නිකී හේලි, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයට පත් කළාය. එහිදී මයික් පොම්පියෝ විසින් එය හඳුන්වා දෙනු ලැබුවේ “මානව හිමිකම් සුරැකීමේ දුර්වලයෙක්” ලෙසය.

මානව හිමිකම් කවුන්සිලය නොකඩාවා ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට කුහක කම් කරණ බවද ඇමරිකාවේ විවේචනයට බදුන් වී තිබේ.
එය ශ්‍රී ලංකාව වැනි මානව හිමිකම් පවතින රටවලට අසත්‍ය චෝදනා පටවා වෙනත් දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීමේ අශීලාචාර පිළිවෙතක් අනුගමනය කරයි එහි වැඩි දුරටත් සදහන් වෙයි.

 

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *