Breaking News
Home / පුවත් / උතුරට යළි ත්‍රස්ත අවධානමක්! Another terror risk to North.

උතුරට යළි ත්‍රස්ත අවධානමක්! Another terror risk to North.

image_1050605303

කිළිනොච්චියේ තක්ෂිලාමඩු ප්‍රදේශයේදි පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරි විසින් කරණු ලැබූ මාර්ග පරීක්ෂාවකදි ත්‍රිවිල් රථයක් පරීක්ෂාවකට බදුන්වී ඇති අතර එහිදී එම ත්‍රිවිල් රථයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනාගේ හැසිරිම පිළිබද පොලිස් නිළධාරීන්ට සැකසිති වඩිදුරටත් ත්‍රිවිල් රථය දැඩි පරික්ෂාවකට ලක් කොට තිබේ.

එසේ පරික්ෂා කිරිමේදි රථය තුල සුක්ෂම සගවා තිබු අධිබලැති ක්ලේමෝ බොම්බයක් ඩෙටනෙටර් අවිආයුධ පතොරොම් රෑසක් සහ කොටින්ගේ නිළ ඇදුම් කීපයක්ද හමුවී ඇත.

ඒ අවස්ථාවේ ත්‍රීවිලයේ පසුපස අසුනේ සිටි පුද්ගලයින් පොලිස් නිළධාරින්ගෙන් මිදි පලාගිය අතර  ත්‍රිරෝද රථය පදවාගෙන යමින් සිටි ආරියරත්නම් කනකරාසා (40) නමැත්තෙක් අත්අඩංගුවට පත් විය.

ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ වාඩිවී ගමන්ගත් දෙදෙනෙක් තක්ෂිලාමඩු කැලෑවට පලාගොස් ඇත.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේ භට කණ්ඩායම් යොදවා තක්ෂිලාමඩු කැලෑවේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර පලා ගිය එක් අයකු පසුව අත්අඩංගුවට ගත් බවත් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා දේශයට පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කිලිනොච්චියේ පදිංචි රායේන්ද්‍රදාස් (22) නමැති තරුණයෙකි. කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුකිරීමට මොවුන් මේවා රැගෙන ගියේද යන්න ගැන කරුණු අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

උතුරැ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ උපදෙස් මත ඔඩ්ඩිසුඩාන් පුදුකුඩිරිප්පු මාර්ගයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් කණ්ඩායම් කිහිපයක් අතරින් පොලිස් නිලධාරීන් දෙදෙනකු තක්ෂිලාමඩු ප්‍රදේශයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නතර කර එය පරීක්ෂාකර බලමින් සිටියදී එහි ගමන්ගත් දෙදෙනකු පලාගොස් තිබේ. ත්‍රිරෝද රථය පදවාගෙන යමින් සිටි පුද්ගලයා අල්ලාගෙන ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ තිබූ බෑගය පරීක්ෂාකර බැලීමේදී අධි බලැති ක්ලේමෝ බෝම්බය ඇතුළු අනෙකුත් උපකරණ හමුවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝගයක් අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට (ටී.අයි.ඩී.) බාරදී ඇත.
කැලෑවට පලාගිය අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සෝදිසි මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වේ.

About SirilakaNews

Check Also

_109180325_road

කොළඹ සිට මහනුවර දක්වා පැය 5 ක ගමන අධිවේගී මාර්ගය හරහා පැය එකහමාරකින් අවසන් වේ. Five(5) hour journey from Colombo to Kandy ends in one and a half hours via the highway.

          E-02 : කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය මන්දගාමීව ඉදිවෙමින් පවතින ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *