Breaking News
Home / ප්‍රධාන පුවත් / සොභාවික වායු විදුලි බළාගාරය දේශීය සමාගමට නොදී චීන සමාගමට දීමට රහස්‍ය සැලසුමක්! It is a nasty plan to give a natural gas grid to the Chinese company instead of the local company

සොභාවික වායු විදුලි බළාගාරය දේශීය සමාගමට නොදී චීන සමාගමට දීමට රහස්‍ය සැලසුමක්! It is a nasty plan to give a natural gas grid to the Chinese company instead of the local company

 tumblr_inline_noayvj4ama1qzgziy_540

කෙලවරපිටියේ ඉදිකිරිමට යෝජිත සොභාවික වායු සංයුක්ත චක්‍ර විදුලි බළාගාරය (LNG) ඉදිකිරිම් කටයුතු සදහා අවම මිළ ගණන් ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හරිමින් එකී ඉදිකිරිම් චීන සමාගමට පවරාදිමට විදුලිබල සහ බළශක්ති අමාත්‍යංශය සැලැසුම්කරමින් සිටින බව මාධ්‍යට වාර්තා වෙයි.

විදුලිබල සහ බළශක්ති අමාත්‍යංශයේ ඉහළම නිළධාරියෙකු විසින් අදාල කොන්ත්‍රත්තුව සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩළය (PAB) වෙත යොමුකල ලිපියක් හරහා මේ බැව් මාධ්‍යට වාර්තා වී තිබේ.

වායු බළාගාරයේ ඉදිකිරිම් කටයුතු දේශීය සමාගම වෙත ලබාදිම හරහා රටට රුපියල් බිලියන ගණනක ලාබයක් ලැබිමට නියමිතව ඇති අතර ඒ හරහා දේශීය සමාගම්වල ප්‍රගතියක්ද සංවර්ධනය වන බැවින් සහ දේශීය ඉංජිනේරු ඥාණය හරහා  මේවැනි බළාගාරයක් ඉදිවිමෙන් රට තුල නිර්මාණය වන අභිමානයද සැලකිය යුතු විශේෂ කරුණු අතර පවතිදිදී රටට විශාල මුල්‍යමය පාඩුවක් සිදුකරමින් විදුලිබල අමාත්‍යංශයේ ඉහත කී නිළධාරියා මෙම ඉදිකිරිම චීනයට ලබාදිමට සැලසුම් කිරිමේ යටි අරමුණ තුල පවතින අවශ්‍යතාව රටේ ජනතාවගේ සැකයට බදුන්වී තිබේ.

මෙම ඉදිකිරිම් කොන්ත්‍රත්තුව සම්බන්ධයෙන් දේශීය සමාගම ප්‍රතික්ෂේප කරමින් විදුලිබල අමාත්‍යංශයේ ඉහත කී උසස් නිළධාරියා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩළය වෙත මීට ඉහතදීද අභියාචනයක් ඉදිරිපත්කොට තිබේ.

About SirilakaNews

Check Also

download (1)

දිවයිනේ එක ගුරුවරයෙක් පමණක් සිටින පාසැල් 54 ක්! 54 schools with only one teacher in the island.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ එක් ගුරුවරයකු පමණක් සිටින පාසල් 54ක් තිබෙන්නේ යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *