Breaking News
Home / ක්‍රීඩා / රුසියාවේ පැවැත්වෙන සුහද පාපන්දු වැඩසටහනකට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකාවෙන් දරුවන් දෙදෙනෙකු ද තෝරාගෙන තිබේ. A selection of two children from Sri Lanka has been selected to participate in a friendly football program in Russia.

රුසියාවේ පැවැත්වෙන සුහද පාපන්දු වැඩසටහනකට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකාවෙන් දරුවන් දෙදෙනෙකු ද තෝරාගෙන තිබේ. A selection of two children from Sri Lanka has been selected to participate in a friendly football program in Russia.

z_p26-Sri-Lankan

downloadfootball_case_study

ජගත් පාපන්දු කුසලානයට සමගාමීව ලබන ජුනි මාසයේ රුසියාවේ පැවැත්වෙන සුහද පාපන්දු වැඩසටහනකට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකාවෙන් දරුවන් දෙදෙනෙකු ද තෝරාගෙන තිබේ.

ඒ පාපන්දු ලෝලීන් දෙදෙනෙකු වන දොළොස් හැවිරිදි දිනුක බණ්ඩාර (Dinuka Bandara) සහ අයාන් සදාත්ය (Ayaan Sadath).

ෆීෆා (FIFA) ජගත් පාපන්දු පාලක මණ්ඩලයේ සහ ගාස්ප්‍රොම් (Gazprom) සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘මිත්‍රත්වය සඳහා පාපන්දු’ (Football for Friendship F4F)වැඩසටහනට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙන්නේ පළමු වතාවටය.

දිනුක බණ්ඩාර ජුනි මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර කණ්ඩායම් 32 කින් සමන්විත සුහද පාපන්දු ශූරතාවලියට ක්‍රීඩා කිරීමට නියමිත අතර, එහි ජාත්‍යන්තර ළමා මාධ්‍ය මධ්‍යස්ථානයේදී අයාන් සදාත් තරුණ මාධ්‍යවේදියෙකු ලෙසින් වැඩසටහන වාර්තා කිරීමට නියමිතය.

තරුණ පරපුර අතර පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට මග පෙන්වීමත්, විවිධ සංස්කෘතීන්ට හා ජාතීන්ට ගරු කරමින් විවෘත මනසකින් ලෝකය විමසා බැලීමට දරුවන්ට මග පෙන්වීම එම වැඩසටහනේ අරමුණ බව F4F වැඩසටහන නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

රටවල් 211 ක් නියෝජනය කරමින් දරු දැරියන් පිරිසක් මේ වසරේ වැඩසටහනට සහභාගි වීමට නියමිතය.

මේ වසරේ රුසියාවේ පැවැත්වෙන පාපන්දු ජගත් කුසලානයේ සමාරම්භක උත්සවයට සහභාගි වීමට සහ පළමු තරගය නැරඹීමට ද F4Fවැඩසටහනට එක්වන දරුවන්ට අවස්ථාව සැලසේ.

වැඩසටහනට සහභාගි වන දරු දැරියන් පිරිස තෝරාගන්නා ලද්දේ මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය (Manchester Soccer Academy)විසිනි. 2013 දී රටවල් අටක නියෝජිතයෙන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ එම වැඩසටහන මේ වනවිට රටවල් 211 කට ව්‍යාප්ත වී තිබෙන අතර, මේ වනවිට දරු දැරියන් 3700 ක් සිය වැඩසටහන්වලට සහභාගී වී ඇති බව F4F වැඩසටහන පවසයි.

About SirilakaNews

Check Also

russia-fans_1m2zyz80v247g1bt4b40aj0hno

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජුනි රුසියාවේදී! Football World Cup June in Russia.

ලොව පුරා විහිදී සිටින පාපන්දු ලෝලීන්ගේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය බඳු ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *