Breaking News
Home / Uncategorized / රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

Untitled-2

ඉදිරී වර්ෂයේදී අත්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් රටතුල ඇති වෙමින් පවතින බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවයි.

රාජ්‍ය මුල්‍ය කළමණාකරනය තුල උද්ගතවී ඇති ව්‍යවුල් තත්වය සහ අසාර්ථක භාවය මීට ප්‍රධානම කරුණවන අතර නිෂ්පාදනය,වෙළදපල සහ ආයෝජනය ඉතා සිඝ්‍රයෙන් පහළ වැටීම සහ අපනයනික ආදායම වෙත එල්ලවන විවිධ තරාතිරමේ ජාත්‍යන්තර බළපැම් රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සදහා ප්‍රබල බලපැමක් එල්ල කරමින් පවතින බවට ඔවුන්ගේ මතය වෙයි.

රජයේ අමාත්‍යවරුන් සදහා ආයෝජකයින්ට විවිධ වරප්‍රසාද ලබාදිමට සිදුවිම මෙන්ම රටේ වැඩකරන ජනතාව තුල ස්මතුවී ඇති වර්ජන රටට එන ආයෝජන අකර්යක්ෂම කර ඇතැයි පෙන්වාදෙන විද්වතුන් ගොවීන්ට අවශ්‍ය බීජ පොහොර නොලැබීම නිෂ්පාදන අළෙවිකරණය මත අසීරු බදු පෑනවීම මේ ඛේදවාචකයේ මුලාශ්‍ර බව හදුන්වාදෙයි.

රජය ජාත්‍යන්තර අරමුදළෙන් වාරිකව ලබා ගන්නා ණය හරවත් ලෙස පරිහරණය නොකිරිම හරහා අරමුදළ විසින් රජයට පවරන විවිධ ආර්ථික ඉලක්ක සපුරා ගැනිමට මුදල් සොයා ගැනීමේ උපායමාර්ගයක් ලෙස ජනතාව මත දරාගත නොහැකි බදුබර පැටවීමෙන්  නිෂ්පාදන වෙළදපල සහමුලින්ම කඩා වෑටීමේ අවධානමකට නතු වී ඇති බවද එහිදි අනාවණය වෙයි.

මේ වන විට රටේ විදේශ වත්කම් රදා පවත්වා ගෙන යාමේ අසීරුව නිසා විදේශ බැංකුවලින් රජය සීයයට හයේ (6%) පොළියට ණය ලබා ගැනිමට සාපේක්ෂව පවතින සෘණ ආර්ථිකය මතින් ඇමරිකානු ඩොලරය රුපියයලට සමගාමිව ඉහළ අගයක් ගැනීම නිසා ගත් ණය ගෙවා ගැනීමේ නොහැකි තත්වයක් ඇතිවුවහොත් ජාත්‍යන්තරව කළු ලයිස්තු ( Black list) ගත විමේ  අවධානමක්ද රට හමුවේ නිර්මණය වෙමින් පවතින බව අදාල ආර්ථික විශ්ලේෂණ  වාර්තාවලින් හෙළිවෙමින් පවතී.

රජ්‍ය ආයථන රෑසක 2017 වර්ෂික වාර්තා සහ 2018 වසර මැද වාර්තාවලින් හෙළිවන කරුණුවලට අණුව ඒම ආයථනවල මුල් පුටුවලට පත් කෙරෙන දේශපාලන පත්වීම් වල ආසාර්ථක භාවය සහ ආයථනික මුදල් එකී දේශපාලකයන් ගසා කැම නිසා රටේ මුලික ආර්ථිකයට සෘජුවම බළපාන ආයථන රෑසක් මේ වන විට රුපියල් බිලියන ගණනින් පාඩු ලබන තත්වයකට පත්වි ඇතැයි උදාහරණයක් ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මස පහක පාඩුව රුපියල් බිලියන 2017 වීම හරහා සක්ෂාත් වෙයි.

රජය මේ වන විට ජනතාව පරිභෝජන කරන අත්‍ය අවශ්‍ය ආහාර මල්ලක් සදහා රුපියල් 4000 ඉක්මවු බද්දක් ලබා ගන්නා අතර ළදරුවන් සදහා දෙන කිරි පිටි පැකට්ටුවකින් රුපියල් 111 බද්දක් ලබා ගනී.

මේ අතර රජය අගමතිවරයාගේ පරිභෝජනය සදහා රුපියල් මිලියන 600 ක අති සුඛෝප බෝගී රථයක් ආනයනයකර ඇතැයි වාර්තා වෙයි.

 

About SirilakaNews

Check Also

Untitled-3

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රුපියල් කෝටි දෙකක් අල්ලස් ගනිද්දී අත් අඩංගුවට! Chief of the Presidential Staff was arrested in a Rs. 200 million bribe

                ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *