Breaking News
Home / පුවත් / මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්නකිරිමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකරයි! Magistrate orders interrogation of Sarath Fonseka over assault on journalist Keith Noyear

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්නකිරිමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකරයි! Magistrate orders interrogation of Sarath Fonseka over assault on journalist Keith Noyear

Untitled-1nmbcvj

ද නේෂන් පුවත්පතේ හිටපු උප කතෘ කීත් නොයාර් මහතා පැහැරගෙන අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන නඩු විභාගයේදී එවකට හිටපු යුධ හමුදාපති වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් කෙරුණු ප්‍රශ්නකිරිම් සහ ලබාගත් ප්‍රකාශණවල පවතින පරස්පර විරෝධී සටහන් සැලකිල්ලට ගත් ගල්කිස්ස මහෙස්ත්‍රත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හිටපු හමුදාපතිවරයාගෙන් යළි ප්‍රශ්නකර අධිකරණය වෙත විධිමත් වාර්තාවක ලබාදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කලාය.

ඉහත කී නඩු විභාගය සැළකිල්ලට ගත් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය එහිදි විත්තියේ නිතිඥයින් විසින් ගෙණ හැර දැක්වු කරුණු සැළකිල්ලට ගෙන කිත් නොයාර් මහතාට පහර දීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ලවී ඇත්තේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට බැවින් මෙතෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ඔහු කෙරෙන් සිදුකල විමර්ශණ පිළිබද සැහීමටපත් නොවන බව අධිකරණයට දන්වා සිටින ලදි.

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ඉහත සිද්ධියේදී අදාල චෝදනාවට කිසිසේත් සම්බන්ධ නොවන පුද්ගලයින් පිළිබද විමර්ශණයේ යෙදි සිටින මුත්  අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට සහ ගරු අධිකරණයට තමාට පහර දුන්නේ කවුරුන්ද? කුමක් නිසාද? යන්න කිත් නොයාර් මහතා විසින් ලිඛිත සාක්ෂි රහසිගතව ලබාදි ඇති බවද විත්තියේ නිතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත.

About SirilakaNews

Check Also

image_0f4fb3210a

මහා සයුරේ ගිල්වා දැමු කොටි නැව සහ ජනාධිපතිවරුන්ගේ රථ! The tiger Ship and presidents cars that were immersed in the ocean

                යුද සමයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු භාවිත කළ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *