Breaking News
Home / ක්‍රීඩා / පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජුනි රුසියාවේදී! Football World Cup June in Russia.

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජුනි රුසියාවේදී! Football World Cup June in Russia.

russia-fans_1m2zyz80v247g1bt4b40aj0hno

ලොව පුරා විහිදී සිටින පාපන්දු ලෝලීන්ගේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය බඳු ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජුනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ ක්‍රීඩාංගණ 12කදී පැවැත්වීමට නියමිත අතර කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් තරග වැදීමට නියමිතය.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ 21 වැනි තරගාවලිය ලෙස පැවැත්වෙන මෙවර තරගාවලිය සදහා 2014 වසරේදී ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ රටවල් 20ක් වරම් හිමිකරගෙන තිබීමද විශේෂත්වයකි. ලෝක කුසලාන තරගාවලි 18කට ක්‍රීඩා කර සිවු වරක් ලෝක ශූරයන් වූ ඉතාලියට වසර 60කට පසුව මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වීම පාපන්දු ලෝකය තුළ කාගේත් අවධානයට යොමු විය.

කෙසේ වෙතත් මෙම තරගාවලි ඉතිහාසයේ බ්‍රසීලය 5 වරක් ලෝක කුසලානය දිනාගෙන වැඩි ගෞරව හිමිකරගෙන ඇති අතර ජර්මනිය හා ඉතාලිය සිවු වරක් ලෝක ශූරයන් වී ඇත. අවසන් වරට 2014 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ජර්මනිය හමුවේ ආජන්ටිනාව ගෝල 1-0ක් ලෙස පරාජයට පත්ව තිබිණි.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ලෙස ජුනි 14 වැනිදා මොස්කව් නුවර ලුස්නිකි ක්‍රීඩාංගණයේදී සත්කාරක රුසියාව හා සෞදි අරාබිය තරග වැදීමට නියමිතය. මූලික වටයේ තරග ජුනි 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර අවසන් වටයේ තරග ජුනි 30 වනදා ආරම්භ වේ. අවසන් මහා තරගය ජූලි 15 වනදා සමාරම්භක තරගය පැවැත්වූ ලුස්නිකි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

රටවල් 32 කාණ්ඩ ගත කර ඇත්තේ මෙසේය.

‘ඒ’ කාණ්ඩය _ රුසියාව, සෞදි අරාබිය, ඊජිප්තුව, උරුගුවේ ‘බී’ කාණ්ඩය-පෘතුගාලය, ස්පාඥ්ඥය, මොරොක්කෝව, ඉරානය ‘සී’ කාණ්ඩය- ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, පේරු, ඩෙන්මාර්කය ‘ඩී’ කාණ්ඩය _ආජන්ටිනාව, අයිස්ලන්තය, කොරෝශියාව, නයිජීරියාව ‘ඊ’ කාණ්ඩය- බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, කෝස්ට් රිකා, සර්බියාව ‘එෆ්’ කාණ්ඩය _ජර්මනිය, මෙක්සිකෝ, ස්වීඩනය, කොරියාව ‘ජී’ කාණ්ඩය- බෙල්ජියමය, පැනමා, ටියුනීසියාව, එංගලන්තය ‘එච්’ කාණ්ඩය- පෝලන්තය, සෙනෙගල්, කොලොම්බියාව, ජපානය

About SirilakaNews

Check Also

_101935222_594a2c35-8ec8-4076-b6f2-0ce8aef2e60d

ලංකාවේ මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් හෙරොයින් භාවිතා කළ බව ශ්‍රී ලංකා පොලීසිය කියයි! The British rugby players who died in Sri Lanka used heroin say Sri Lanka Police

  ශ්‍රී ලංකාවේ දී අබිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිලිබඳ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *