Breaking News
Home / කලා / දෙවෙනි ඉනිම නාට්‍යයේ බිමල් ජයකොඩි මියගියේ ඇයි? Why did Bimal Jayakody die in the DEVENI INIMA tele drama?

දෙවෙනි ඉනිම නාට්‍යයේ බිමල් ජයකොඩි මියගියේ ඇයි? Why did Bimal Jayakody die in the DEVENI INIMA tele drama?

35659609873_a1406f418d_o  Deweni-Inima-Teledrama-Theme-Song

Untitled-2

දෙවැනි ඉනිම” කියන්නේ මෑත කාලයේ අතිශය ජනාදරය දිනූ ටෙලි නාට්‍යයක්. මේ ටෙලිනාට්‍යයේ “රවි ප්‍රනාන්දු” කියන්නෙත් ප්‍රධාන චරිතයක්. නමුත් මේ වනවිට රවී ප්‍රනාන්දු මේ ටෙලි නාට්‍ය තුළ නැහැ.

ඔහු විදෙස් ගතවූ බව තමයි මුලින්ම ප්‍රේක්ෂකයන්ට දැන ගන්නට ලැබුණේ. ඒ අතරතුර හිටි හැටියේම “රවි ප්‍රනාන්දු” විදෙස රටකදී මිය ගිය බවත් ටෙලි නාට්‍ය තුළදී කියැවුණා. ටෙලි නාට්‍යයෙන් රවි හිටි හැටියේ මරා දැමුවේ ඇයි කියන ප්‍රශ්නයත් මේ නිසා අද බොහෝ දෙනෙකුට කුතුහලයක් බවට පත් වෙලා.

මෙගා ටෙලි නාට්‍යවලදී ප්‍රධාන චරිත හිටි හැටියේ අතුරුදන් වීම නොහිතු චරිත අලුතින් එකතු වීම සුලබ සිදුවන දෙයක්. ඇතැම් නළු නිළියන් නිෂ්පාදන කණ්ඩායම් සමග හිත් අමනාපකම් ඇති කර ගැනීම තමයි මෙගා ඉතිහාසයේ බොහෝ විට දක්නට ලැබුණේ.

“දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ “රවි ප්‍රනාන්දු” ලෙස රඟපෑවේ රංගන ශිල්පී බිමල් ජයකොඩි. රවිව මේ විදියට මරා දමන්නට සිදුවුණේ බිමල් ටෙලි නාට්‍යයෙන් ඉවත් වූ නිසාද? නැතිනම් නිෂ්පාදන කණ්ඩායම ඔහුව ඉවත් කරන්නට සිතුණු නිසාද? ඊට හේතු මොනවාද? කියන කරුණු විමසන්න අපි උනන්දු වුණේ මේ ගැන බොහෝ දෙනෙක් අපෙන් විමසන නිසා.

දෙවැනි ඉනිමට සම්බන්ධ වන විටදීම කොටස් 300කට 350කට වැඩියෙන් තමන් රංගනයෙන් දායක නොවන බවට බිමල් තීරණය කරගෙන හිටි නිසා ඔහු ඉවත් වූ බව තමයි ආරංචි මාර්ග පවසන්නේ.

දිගටම එක ටෙලි  නාට්‍යයකට සිරවී සිටීමෙන් අනෙක් නිර්මාණ මග හැරෙන බවත්, තමන් සිතුවාටත් වඩා දෙවැනි ඉනිම දිග්ගැස්සෙන නිසා තමන් සුහද ලෙස වගකිව යුත්තන් සමග කතාකොට දෙවැනි ඉනිමෙන් ඉවත් වූ බවත් බිමල් ජයකොඩි සමීපතමයන් හමුවේ පවසා තිබෙනවා.

ඔය අතර වෙනත් රූපවාහිනී නාලිකාවක් අධික මුදලක් ලබා දී බිමල් ජයකොඩිව ටෙලි නාට්‍යයෙන් ඉවත් කරගෙන ඇත්තේ “දෙවැනි ඉනිම” වට්ටන්නට බවත් අන්තර්ජාලයේ පුවත් දිග හැරෙනවා. මේ කතාවල ඇත්ත නැත්ත විමසද්දී “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් අප සමග මෙසේ කියා සිටියා.

“දෙවැනි ඉනිම” අරඹන විටමයි අපි තීරණය කරගෙන හිටියේ කතාව අතරමැද රවි මියයන බවට. ඒත් කොටස් 300 දී එසේ කරන්නට අපි මුලදී හිතුවේ නැහැ. බිමල් අයියාට හදිසියේ ඕස්ට්‍රේලියාවට යන්නට සිදුවී ඇති නිසා නාට්‍යයෙන් ඉවත් විය යුතු බව ඔහු අපට දන්වා සිටියා. ඒ නිසා අප තීරණය කළා මේ අවස්ථාව ඔහුගේ චරිතය මිය යන අවස්ථාව කරගන්න.

මේක කොටස් 1000ක් විතර යන නාට්‍යයක්. එක දිගට එකම තැනක හිර වෙන්න අපට බැහැ. එවිට නාට්‍යය නීරස වෙනවා. 300 – 350 කොටස් 600 වැනි කොටස වගේ තැන්වල හිටි හැටියේ මේ වගේ නොසිතූ පෙරළි සිදුවෙලා කතාවේ ගලායාමේ වෙනස්කම් විය යුතු බවට අපි කලින්ම තීරණය කරලා තිබුණා. කොහොමටත් ආසන්න කාලයක රවි මිය යා යුතුයි. මේ අවස්ථාව අපි ඊට සුදුසුම අවස්ථාව කර ගත්තා. නමුත් එයින් කතාවට කිසිදු හානියක් වෙන්නේ නැහැ.

රවීගේ මරණය නොපෙන්වා සිටියේ බිමල්ගේ ඕස්ට්‍රේලියන් සංචාරයෙන් පසුව යළිත් ඔහු දෙවැනි ඉනිමට එක් කරවන අදහසින්ද? බිමල්ගේ ඉවත්වීම ගැන පළවන කටකතාවල පදනම කුමක්ද? අපි ඒ ගැනත් සාරංගගෙන් විමසා සිටියා.

“රවි මිය ගියේ ඇත්තටමයි. දෙවැනි ඉනිමට ආයේ රවි එන්නේ නැහැ. ඒක ස්ථීරයි. ඒත් බිමල් අයියා හා අප අතර ඇති සුහදත්වය ඒ වගේමයි. ඔහු ඒ සුහදත්වයෙන්මයි සමුගත්තේ. ඔස්ට්‍රේලියා යා යුතු හින්දා මේ තීරණය ගත් බවයි බිමල් අයියා අපට කිව්වේ. වෙනත් නාලිකාවකින් ඔහුව මිලට අරගෙන නාට්‍යය වට්ටන්න මේ සැලසුම කළ බවට පැතිර යන පුවත් මමත් දැක්කා. මා නම් එය විශ්වාස කරන්නේ නැහැ. බිමල් අයියා ගොඩක් හොඳ කෙනෙක්. කීයටවත් ඒ වගේ පහත් වැඩක් කරන්නේ නැහැ. හැබැයි අපේ නාට්‍යය වැටෙනතුරු බලා ඉන්න නාලිකා නම් තියෙනවා. කුහකයින්ගේ ඔය මඩ ප්‍රචාර ගැන අපි සැලෙන්නේ නැහැ.

අන්තර්ජාලය ඇසුරෙනි.

About SirilakaNews

Check Also

271b830344

ඒක් දෝ තීන් සමග ජෑක්ලින් ෆඩිනන්ස් ශ්‍රී ලාංකික ඇය ඉන්දියාවේ ජනප්‍රියයි! Ek Do Teen with Jenkins Fredinens Sri Lankan she is popular in India

198 දශකයේ අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් ගීතයක් නවක නළු නිළියන් යොදා ගනිමින් ‘යූ ටියුබ්’ හරහා නැවත එළි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *