Breaking News
Home / පුවත් / තෙල් මිළ ඉහලට ආහාර මිළත් ඉහළට! Oil prices up food prices rise!

තෙල් මිළ ඉහලට ආහාර මිළත් ඉහළට! Oil prices up food prices rise!

           Untitled-1

රජය හදිසියේ මිළ ඉහළදැමීමට තීරණය කිරිමත් සමග ඊට සමගාමිව අත්‍ය අවශ්‍ය භාණඩ රෑසක මිළ පාළනයෙන් තොරව ඉදිරියේදී ඉහළ යනු ඇතැයි වෙළදපොල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සහල්,පිටි වලින් නිෂ්පාදිත ආහාර,ධාන්‍ය වර්ග එළවළු කිරිපිටි, රෙදිපිළි ඇතුළු සියළුම භාණඩ මිළ ඉහළ යන බව ආහර නිෂ්පාදකයින් සහ ව්‍යාපරික ප්‍රජාව පෙන්වාදෙති

තෙල් මිළට සාපේක්ෂව ප්‍රවාහණ ගාස්තු වැඩිවීම මීට සෘජුව බලපා ඈති බව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය කල විමර්ශණයකින් හෙළිවී තිබේ.

රජයේ අසාර්ථක ආර්ථික කළමණාකරනය  මීට ප්‍රධාන තවත් හේතුවක් බව ආර්ථික විශ්ලේෂකයින් විද්වතුන්  පෙන්වා දෙයි.

ජාත්‍යන්තර ලබා ගන්නා ණය මුදල් නිවැරදි සංවර්ධන ක්‍රියාදාමයක නොයෙදීම දේශපාලඥයින් නිළධාරින් වංචනික ලෙස මුදල් ගසාකැම නාස්තිය වැනි කරුණු නිසා මහ භාණඩාගාරය තුල පවතින මුල්‍ය හිගය යම් තරමකින් හෝ පියවා ගැනිමට සහ රජයට මේ වසර සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදළ මගින් ලබාදිමට නියමිත ණය මුදල ලබාදිමේ වු වගන්තියක් ලෙස මෙම තෙල් මිළ වැඩිකිරිමට සිදුව තිබෙන බව  මාධ්‍ය වාර්තා සහ  මාධ්‍ය විශ්ලේෂණ විග්‍රාහ කරයි.

තෙල් මිළ ඉහළ දැමීමෙන් රජයට රුපියල් කෝටි 5500 මුදලක් ලැබෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා ඇත.

About SirilakaNews

Check Also

image_0f4fb3210a

මහා සයුරේ ගිල්වා දැමු කොටි නැව සහ ජනාධිපතිවරුන්ගේ රථ! The tiger Ship and presidents cars that were immersed in the ocean

                යුද සමයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු භාවිත කළ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *