Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / කිම් සහ ට්‍රම්ප් අතර සාකච්ජාවට ඇමරිකාව මාවතක් සොයයි! The US is looking for a roadmap to deal with Kim and Tamp

කිම් සහ ට්‍රම්ප් අතර සාකච්ජාවට ඇමරිකාව මාවතක් සොයයි! The US is looking for a roadmap to deal with Kim and Tamp

   donald-trump-traite-kim-jong-un-de-fou-qui-lui-retorque

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන්ග් අන් අතර යෝජිත සාකච්ඡාව සඳහා සූදානම් වනුවස් ඇමරිකානු කණ්ඩායමක් උතුරු කොරියානු බලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටිති.

සාකච්ඡා පැවැත්වෙන කොරියානු රටවල් දෙක අතර පිහිටි යුද මුක්ත කලාපයට අයත් පැන්මුන්ජොම් ගම්මානය තුළදීම නායකයන් දෙපලගේ හමුවීම සිදුවනු ඇති බවට අලුතින් ඉඟි පළවේ.

ජුනි මස සිංගප්පූරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව ජනාධිපති ට්‍රම්ප් විසින් බ්‍රහස්පතින්දා අවලංගු කරනු ලැබුවේ උතුරු කොරියාව “එදිරිවාදී” බවක් ප්‍රදර්ශනය කරන්නේ යයි චෝදනා කරමිනි.

කෙසේ නමුත් සාකච්ඡාව යථාර්තයක් බවට පත් කිරීම සඳහා දෙපාර්ශවයම කටයුතු කරමින් සිටියහ.

බොහෝ කරනු සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණිය යුතු අතර එකඟතාවයකට පැමිණිය නොහැකි බව තමන්ට වැටහෙන්නේ නම් සාකච්ඡාවට නොයන බව ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කර ඇත.

න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් අත්හැර දැමීම සම්බන්ධයෙන් නායක කිම් එකඟතාවකට පැමිණෙයි ද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත. අතීතයේදී ලබා දුන් ඒහා සමාන පොරොන්දු ඒ ආකාරයෙන් පැවතී නොමැත.

පළමුව න්‍යෂ්ටික අවි අත්හැර දැමීම ඇමරිකාවේ අවශ්‍යතාව වී ඇති බව පවසන විශ්ලේෂකයෝ ඊට ඇගයීමක් වශයෙන් උතුරු කොරියාව මත පනවා ඇති සම්බාධක සහ ආර්ථික ආධාර කප්පාදු ඉවත් කරනු ඇති බවට මත පළ කරති.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් අතර ඉකුත් දා අනපේක්ෂිත හමුවක් සිදුවිය.

එහිදි ඇමරිකානු ජනාධිපතිවරයා හමුවීම පිළිබද දෙරටේ නායකයින් අතර සාකච්ජා කෙරුණු බව කොරියානු මාධ්‍ය වාර්තා සදහන් කරයි.

About SirilakaNews

Check Also

syria-and-rusia

සිරියාවට එස් – 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ද රුසියාව නිවේදනය කරයි! Russia will pay attention to the delivery of the S-300 missile defense system to Syria

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *