Breaking News
Home / නිදහස් පන්හිද / එන්න, අපි අතීතය අමතක කරමු…” යැයි ඔවුනට කියමුද?Come on, let’s forget the past … “Tell them?

එන්න, අපි අතීතය අමතක කරමු…” යැයි ඔවුනට කියමුද?Come on, let’s forget the past … “Tell them?

let-go-816x428

2008 කාලයේ විවාහක ශාලිනීගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. නැවත වතාවක් ඔවුන් අවතැන් වීම් දුෂ්කරතා මැද යන්තමින් ඉදිකර ගත් නව නිවසත් හැර දමා, බඩු පටවාගත් ට්‍රැක්ටරයෙන් ඔඩ්ඩුසුඩාන් දක්වා පලා ගියහ. ඉන්පසු කට්සිලායිමඩු දක්වාත් පසුව පුදුකුඩුඉරිප්පු සහ අවසානයේ මුල්ලිවයික්කාල් දක්වාත් අවතැන් වෙමින් ගමන් කලේය. යුද්ධයේ අවසාන අදියරය ශාලිනී පැහැදිලි කරන්නේ මාරාන්තික සිහිනයක් ආවර්ජනය කරන්නාක් මෙනි.

මහා වර්ෂාවක් මෙන් ෂෙල් වෙඩි ප්‍රහාර ඇද හැලිණි. ජනතාව මේ ෂෙල් ප්‍රහාරක ගුවන්යානා දුටුවිට බංකර වලින් නික්මී ඒ මේ අත දුවන්නට වූයේ බංකර මත වැටෙන මේ ෂෙල්, බංකර් පවා විනාශ කරන බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනි. ඔවුන් අපට ඉහළින් ඔහේ ෂෙල් බෝම්බ අතහහැරියහ. එවිට අපි විවෘත ස්ථානවලට මරණ බයෙන් දිව ගියෙමු. අහස දෙස නෙත් අයාගෙන මිනිසුන් සීසීකඩ දුවන්නේ තමන් ඉදිරියේ ඇත්තේ මොනවාදැයි අමතක කර දමමින් ය. තමන්ගේ දරුවන්ද ඇදගෙන මොර හඬ දෙමින් රැකවරණය පතා මිනිස්සු දුවන්නට වුහ.

මේ සියලු භයංකර සිදුවීම් මැද වුවත් එකිනෙකා, එකිනෙකා ගැන සොයා බලමින් සහයෝගය දැක්වූයේ එකම සංඝයක් ලෙසය. බංකර සාදන්නට පොළොව හාරමින්ද ආහාර සහ අත්‍යවශ්‍ය දෑ බෙදා ගනිමින් ද ඔවුහු එකිනෙකාට සංවේදී වුහ.

“මම සාරිවලින් වැලි ගෝනි උර මැසීමට පුරුදුවී සිටියෙමි. බංකර සාදා ගත්තේ මේ වැලි ගෝනි ප්‍රයෝජනයට ගනිමින්. මම මගේ මහන මැෂිම බංකරය තුළ තබාගෙන නොනැවතී සාරි වලින් වැලි ගෝණි උර මැසීමි.
මම නොනැවතී මහන මැෂිමේ වැඩ කලෙමි. බංකරයේ කිසි පහසුකමක් නොතිබුණත් මම විවේක නොගත්තෙමි. ඔවුන් කොපමණ මුදලක් ගෙවිය යුතු දැයි ඇසුවේ නැත. මමද කිසි දෙයක් බලාපොරොත්තු නොවුණෙමි. අපි කාඩ්බෝඩ් පෙට්ටියක් තබා තිබුනේ යම් කිසි කෙනෙකුට මුදලක් දීමට උවමනා නම් එයට දැමීමට හැකි වන ලෙස ය. එනමුත් මම මුදල් ඉපයීම සඳහා කරදර නොවීමි. මක්නිසාදයත් අපි සියලු දෙනා මරණයෙන් බේරාගැනීම අපේ ඒකායන අරමුණ විය.”

එකිනෙකා එකිනෙකා ගේ දරුවන් ආරක්ෂා කිරීමට වගබලා ගත්හ. ශාලිනීගේ අසල්වැසි පවුලේ දෙමාපියන් ගොළු බිහිරි තත්ත්වයේ සිටි අයය. ආර්ටිලරි වෙඩි හඬ ඇසෙත්ම ශාලිනි අසල්වැසියන්ට ගොළු භාෂාවෙන් කියා සිටියේ දිවි බේරාගැනීමට ආරක්ෂාව පතා දිව ගොස් සැඟවී සිටීමට ය. එනමුත් මේ අනතුරු ඇඟවීම් ප්‍රමාණවත් නොවුණි. ෂෙල් ප්‍රහාර බංකරයට වැදීමෙන් එම අසල්වැසි පවුල මරණයට පත්වුනේ මරණයෙන් දිවි බේරා ගැනීමට බංකරය තුළ ගුලි ගැසී සිටි මොහොතකය.

අදටත් ශාලිනීගේ මනසේ භයංකරම මතකයන්ගේ පැළපඳියම් වී ඇති යුද්ධයේ දරුණුතම සිදුවීම තම වැඩිමහල් දියණිය පැහැරගෙන යාමය. උතුරේ බොහෝ දරුවන් මෙන්ම ශාලිනීගේ වැඩිමහල් දියණිය හමුදාවෙන් පැහැර ගත්තේ ෂෙල් වෙඩි ප්‍රහාර මධ්‍යයේ ය.

“අහසින් බෝම්බ හෙලීම් උත්සන්න වූ කළ අපේ බංකරයෙන් එළියට පැමිණ දුවන්නට වුණා. වඩා ආරක්ෂාකාරී දිශාව කුමක්දැයි නොදැන අපි හිස හැරුණු අත දිව යන්නට වූයේ අපේ දරුවන්ගේ ජීවිත ෂෙල් ප්‍රහාරයන්ගෙන් බේරා ගැනීම උදෙසා ය. අපි එලෙස පණ බේරාගැනීමට දිවයන කළ රථයෙන් පැමිණි භට පිරිස් අපේ තරුණ දරුවන් අල්ලාගෙන රථයට දමා ගන්නට විණි. මම මගේ දියණියව වැර වීරියෙන් බදා සිටියේ ඔවුනට පැහැර ගැනීමට නොහැකි වන සේ ය. එබැවින් ඔවුහු අප දෙදෙනාම ට්‍රක් රථය තුලට ඇද දමා ගත්හ. ඒ මොහොතේ මම මගේ අම්මට මොරගසා කියා සිටියේ මගේ අනිත් දරුවන් රැකබලා ගන්නා ලෙසයි. මක්නිසාදයත් මම මගේ දියණිය තනිනොකර අත්නොහැර සිටින්නට අධිෂ්ඨාන කරගෙන සිටියෙමි. එනමුත් සුළු මොහොතකින් වාහනය නතර කර මට පහර දී එම රථයෙන් පිටතට තල්ලු කර දැමුවේ මා වැනිම තම දරුවා අත්නෑර සිටි මවක් ද සමගය. මගේ ආදරණීය දියණියගේ මුහුණ දුටු අවසාන මොහොත ඒ දවසය.”

ශලිනිව බිම දමා ගොස් සිටි ස්ථානයේම ඇය දරදඩුව වේදනාවෙන් සහ කම්පනයෙන් බලාගත් අත බලා සිටියාය. එනමුත් ෂෙල් ප්‍රහාර මධ්‍යයේ ජීවිතය බේරා ගැනීමට ඇය අසල සිටි මව පෙරැත්ත කළ හෙයින් ඔවුන් සැඟව බිම වැතිරී ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තාය. පසුව හමුදා ට්‍රක් රථය පසුපස හඬ හඬා පැමිණි ශාලිනීගේ ස්වාමිපුරුෂයා ඇයට හමු විය.

ඒ මොහොතේ සිට අද දක්වා ඇය ඉකි බිඳින අතර නොනැවතී, බලහත්කාරයෙන් පැහැරගත් තම දියණිය සොයා වෙහෙසෙන්නීය.

ශාලිනීලා දහස් ගණනක් මැයි 18 වැනිදාත් නොනැවතී කම්පාවෙන් උතු‍රේත්, උතුරු නැගෙනහිරත් කඳුළු සලන්නේ මොර ගසන්නේ යුක්තිය ඉල්ලා ය. ඔවුන්ට යුද්ධයේ ජය පරාජය සමරන්නට දෙයක් ඉතිරි වී නොමැත. එනමුත් අතුරුදහන් වූ දරුවන්ගේ මුහුණු දකින දවසක් ගැන ඔවුන් සිහින දකින්නීය.

මේ අදත් වැගි‍රෙන කඳුළු ගංගාවට සිංහලකමක්, දමිළකමක් හෝ මුස්ලිම්කමක් නැත. බොදුනුකමක්වත්, කිතුනුකමක්වත් නැත. ඇත්තේ මව් සෙනෙහස පමණි. එබැවින් එම කඳුළු වලට සාධාරණයක් ඉටු කිරීමට සියලු හදවත් ඇති මිනිසුන්ට යුතුකමක් ඇත.

උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, බටහිරත් යුද්ධය හේතු කොටගෙන ගලා යන කඳුළු ගංඟාවට සංවේදීව සවන්දීමක් සිදුවිය යුතුය. යුක්තිය පසිඳලීම අවැසිය. මිනිස්කමට එරෙහි ව සිදු වී ඇති සියලු අපරාධ අවංක සිතින් පිළිගැනීමත් ඒ උදෙසා උතුරු-දකුණු භේදයක් නොමැතිව වින්දිතයාට සහනයක් ලබාදීමේ නිවැරදියි යාන්ත්‍රණයක් උවමනාය.

අතීතය අමතක කර දමන්න යැයි එකිනෙකාට කියා ගත්තද හදවත සුවපත් කරන, සත්‍යය නිරාවරණයය කරන, යුක්තිගරුක මාර්ගයකින් තොරව ශ්‍රී ලාංකික දේශය කිසිදා නිදහස් නොවනු ඇත.

එබැවින් අද,

“ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය.
ඔව්හු සහනය ලබන්නෝය…
යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය.
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය…”

අතිපුජ්‍ය මානුෂවාදී ජීවන්ත පීරිස් පියතුමා අන්තර්ජාලයට ලියු ලිපියක් ඇසුරෙනි!.

About SirilakaNews

Check Also

_100786740_777

තේ දළු සහ තේ දළු නෙළන කාන්තාව! The tea leaf and the tea leaf woman.

‘ සිලෝන් ටී (Ceylon tea)‘ ලෙස ලෝකය තුළ ප්‍රසිද්ධ, ඩොලර් සිය ගණනක ආර්ථික වටිනාකමක් සහිත ශ්‍රී ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *