Breaking News
Home / පුවත් / අයි ෆෝන් තාක්ෂණය සොරකම් කිරිමේ වරදට සැම්සුන් සමාගමට දඩුවම්! Samsung penalized for stealing iPhone technology

අයි ෆෝන් තාක්ෂණය සොරකම් කිරිමේ වරදට සැම්සුන් සමාගමට දඩුවම්! Samsung penalized for stealing iPhone technology

     I FO

iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත ‘ඇපල්’ සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ පිහිටි ‘සැම්සුන්’ සමාගමට නියෝග කළේය.

ලෝකයේ විශාලතම ‘ස්මාර්ට්’ ජංගම දුරකථන නිෂ්පාදකයන් දෙදෙනා අතර පැවති මෙම නඩුවේ තීන්දුව ලබා දීමට ජූරි සභාවක සහාය ලබා ගැනීමට ද අධිකරණය කටයුතු කළේය.

තමන් සතු සමහර පේටන්ට් බලපත්‍ර සැම්සුන් සමාගම උල්ලංඝනය කර ඇති බව පවසමින් ඇපල් සමාගම 2011 දී නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබුණි. ඉන් වසරකට පසු ඇපල් සමාගමට වන්දි වශයෙන් ඩොලර් බිලියන 1.05ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු විය.

එහෙත් ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල සම්බන්ධයෙන් සැම්සුන් සමාගම විරුද්ධ වූ බැවින් ඒ පිළිබඳ දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණ.

වසර ගණනාවක අධිකරණ ක්‍රියාවලියකින් පසු ලබා දුන් නව තීන්දුව අනුව, ඇපල් ජංගම දුරකතනයේ නිර්මාණය සඳහාවන පේටන්ට් බලපත්‍ර තුනක් උල්ලංඝනය කිරීමේ වරදට වන්දි වශයෙන් ඩොලර් මිලියන 533.3ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු වනු ඇත. iPhone හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇති පේටන්ට් බලපත්‍ර දෙකක් උල්ලංඝනය කිරීමට වන්දි වශයෙන් ඉතිරි මුදල ගෙවිය යුතුය. මේ අනුව ගෙවිය යුතු මුළු වන්දි මුදල ඩොලර් මිලියන 539කි.

ජූරි සභාවේ සාමාජිකයන්, “සැම්සුන් ආයතනය අපේ නිෂ්පාදන අනුකරණය කිරීම වෙනුවෙන් වන්දි ගෙවිය යුතු යැයි තීරණය කිරීම” පිළිබඳ සතුටු වන බව ඇපල් සමාගම නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.

About SirilakaNews

Check Also

Untitled-2

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මංත්‍රී Ian Paisley ට තනතුර අහිමිවිමේ අවධානමක් British MP Ian Paisley has lost his job due to visiting Sri Lanka

    පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පයිස්ලිට ( Ian Paisley) ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *