Breaking News
Home / ප්‍රධාන පුවත් / ශ්‍රීලංකාවේ ආණ්ඩුව වානිජ්‍ය වටිනාකම්වලින් යුත් දේපළ විදේශයන්ට විකිණීම ආසියාතික ප්‍රබළයන්ට මෙන්ම ඇමරිකාවට ප්‍රශ්නයක් වෙයි! Government of Sri Lanka Selling valuable property to foreign countries is an issue for Asian countries and for America

ශ්‍රීලංකාවේ ආණ්ඩුව වානිජ්‍ය වටිනාකම්වලින් යුත් දේපළ විදේශයන්ට විකිණීම ආසියාතික ප්‍රබළයන්ට මෙන්ම ඇමරිකාවට ප්‍රශ්නයක් වෙයි! Government of Sri Lanka Selling valuable property to foreign countries is an issue for Asian countries and for America

වර්ථමාන ආණ්ඩුව විසින් විදේශීය රටවලට දේශීය වශයෙන් වටිනා වානිජ්‍යමය සම්පත් වසර සියයක් වැනි කාළයකට බදු දිමේදි හෝ විකුණා දැමීමේදි ආසියාවේ ප්‍රබළ රටවල් වු ඉන්දියාවට සහ ජපානයට මෙන්ම සෙසු රටවලටද දැඩි ජාත්‍යන්තර දේශපාලන අර්බුද ස්මතුකර ඇතිබව ඉන්දියාවේ ද හින්දු පුවත්පත ප්‍රකාශ කරයි.

Untitled-2

හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීමත් සමග මේකි අර්බුදය වඩා උත්සන්න වී ඇති බව පෙන්වාදෙන ද හින්දු පුවත්පත එහි බළවත්ම අර්බුදයට මුහුණ දී සිටින්නේ ඉන්දියාව සහ ජපානය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය බව අනාවරණය කරයි.

චීනය සමග ලෝකයේ දියුණු රටවල වර්ථමානයේ පවතින වෙළද තරගය නිසා අසීයාවේ ඉතා වටිනා නාවික කේන්ද්‍රස්ථානයක් වු හම්බන්තොට වරාය චීනය සතුවිමෙන් විශේෂයෙන් ඉන්දියාව සහ ජපානය මෙම ක්‍රියාදාමය හරහා සුවිශල් අර්බුදයකට මැදිහත්ව ඇතිබව ඉකුත් දා කොළඹදී පැවැති සමුළුවකදී ඉන්දිය මහ කොමසාරිස් පවසා ඇත.

ඉන්දියාව ශ්‍රීලංකාවට ලෝකයේ වෙනත් රටවලට වඩා ආධාර උපකාර සපයන රටක් වශයෙන් ක්‍රියාකරද්දී ශ්‍රී ලංකාව ඉන්දියාව නොසලකා හරිමින් චීනයට රටේ සියළුම සම්පත් විකුණා දැමීම ජාත්‍යන්තර සබදතාවල අනාගත ඛේදවචකයක් බවද එහිදි ඉන්දිය කොමසාරිස් වරයා පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුව මීට සමගාමිව ඉන්දියාවට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ කාළසිමා විරහිතව ලබාදිමට යෝජනාකර ඇති මුත් ගුවන්තොටුල ආසන්නයේ පිහිටි ජාත්‍යන්තර වරාය චීනය සතුව තිබිමෙන් නොසිතු ආරවුල් ඇතිවිමට ඇති ඉඩකඩ නිසා ඉන්දියාව ඒ පිළිබදා අධ්‍යනයක යෙදී සිටින බවද ද හින්දු පවසයි.

චීනයට හම්බන්තොට වරයා ලබාදිම පිළිබද ශ්‍රිලංකාවට සිය නොසතුට ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානයද ප්‍රකාශකොට ඇතැයි ද හින්දු පුවත් වැඩිදුරටත් අනාවරණය කරයි.

About SirilakaNews

Check Also

land-rover1

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට! Seat belts and aerial balloons will be mandatory from next July

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *