Breaking News
Home / Uncategorized / මධ්‍යම අධිවේගී මාර්ග කොන්ත්‍රත්කරුවෝ ජපන් හිරගෙවල්වල! Central Expressway contractors to japanese prisons

මධ්‍යම අධිවේගී මාර්ග කොන්ත්‍රත්කරුවෝ ජපන් හිරගෙවල්වල! Central Expressway contractors to japanese prisons

Untitled-1bvjv

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි අධියර ඉදිකිරිම සදහා වර්ථමාන රජය විසින් කොන්ත්‍රත් ලබාදී ඇති ජපානයේ ටයිසේ නැමැති කොන්ත්‍රත් සමාගමේ හිමිකරුවන් එරට සහ වෙනත් රටවල මීට වසර දහයකට කළින් කල ඉදිකිරිම්වලදි සිදුකලායැයි කියන විවිධ චෝදනා සම්බන්ධයෙන් ජපාන අධිකරණය විසින් ඔවුන්ට සිරදඩුවම් ලබාදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ජාත්‍යන්තර කොන්ත්‍රත් සිදුකිරිමේදි ඉදිකිරිම් සමාගම් සිය ප්‍රමිතිකරණයේ ප්‍රගතිය සදහා සපුරාළිය යුතු වු පුර්ණ සුදුසුකම් නොමැතිව ජාත්‍යන්තර කොන්ත්‍රත් සදහා අත්සන් කිරිම ඒ සදහා ජපානයේ මුල්‍ය ආයථන හරහා මුල්‍ය පහසුකම් ලබා ගැනීම සහ දසවසරකට පෙර කල සමහර ඉදිකරිම් සම්බන්ධයෙන් ප්‍රමිතිකරණ ගැටළු ස්මතුවී තිබීම හරහා ජපානයේ කිර්ති නාමයට හානි සිදුකිරිම යන චෝදනා යටතේ මෙම සමාගමේ අධ්‍යක්ෂ මණඩළ සාමාජිකයින් ප්‍රමුඛ ආයථන හිමිකරුවන්ට ජපාන අධිකරණය විසින් මෙසේ දඩුවම් ලබාදි ඇතිබව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

වත්මන් ආණ්ඩුව විසින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා ජපන් රජයෙන් මුල්‍ය සහ තාක්ෂණ ආධාර අපේක්ෂා කරමින් එරට ඉදිකිරිම් සමාගම් තුනක් වෙත අදාල ඉදිකිරිමට ටෙන්ඩර් කැදවිමට පියවරගෙන තිබු අතර ජපන් රජය හරහා ඊට සමගාමීව ඉදිකිරිමට අවශ්‍ය මුල්‍ය පහසුකම්ද දිර්ඝකාළීන ණය මුදලක් ලෙස ලබාගැනීමට අපේක්ෂා කළේය.

එහෙත් ජපන් රජය ශ්‍රීලංකා රජයට ණය ලබාදිම ප්‍රතික්ෂේප කිරිමත් සමගම මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිම සදහා කොන්ත්‍රත් අපේක්ෂාවෙන් සිටි මෙවැනි ඉදිකිරිම් සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් සහ ඊට අදාල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කොන්ත්‍රත් සමාගම් දෙකක් මධ්‍යම අධිවේගි ඉදිකිරිම් කොන්ත්‍රතුවෙන් ඉවත්විමට පියවර ගත් අතර මෙවැනි විශාල ව්‍යාප්ති සම්බන්ධයෙන් සුදුසුකම් අවම තත්වයේ වු ටයිසේ කොන්ත්‍රත් සමාගම පෞද්ගලික වානිජ ආයථන හරහා ශ්‍රීලංකා රජයට මුල්‍ය ආධාර ලබාදිමට පියවර ගනිමින් ඉහත කී කොන්ත්‍රත්තුව බාර ගැනීමට එකග වුහ.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර  කොන්ත්‍රත්තුවක් බාර ගැනිමේදි ඊට අදාල කොන්ත්‍රත්කරුවන් විසින් එවැනි ඉදිකිරිමක් සම්බන්ධව වසර දහයක කාළසිමාවක් අතුලත ඒ හා සමාන ඉදිකිරිමක් සිදුකොට සාර්ථක ප්‍රථිපල අත්කොට ගෙන තිබීම මුලික සුදුසුකමක් ලෙස ජගත් ඉදිකිරිම් ප්‍රමිතියේ පිළිගැනීම වන අතර ටයිසේ සමාගමට එවැනි සුදුසුකමක් නොතිබීම එහිලා අවධනය යොමුවිය යුතු කරුණ විය.

About SirilakaNews

Check Also

land-rover1

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට! Seat belts and aerial balloons will be mandatory from next July

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *