Breaking News
Home / ප්‍රධාන පුවත් / ජේෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ හිඟයක් නිර්මාණය වෙයි! There will be a scarcity of senior administrative officials.

ජේෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ හිඟයක් නිර්මාණය වෙයි! There will be a scarcity of senior administrative officials.

z_p-iii-edotco

වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් පවතින දේශපාලන අස්ථාවරත්වය සාපේක්ෂව රාජ්ය පරිපාලනය තුලද තීරණ ගැනීමේ ගැටළු ඇතිවී ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඊට ආසන්නම හේතුව වී ඇත්තේ ඉකුත්දා සිදුවු රාජ්‍ය පරිපාළන කෙෂ්ත්‍රයේ විශ්‍රාම ගැන්විමයි.

ඉතාමත් කලාතුරකින් සිදුවන පරිදි ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යාංශ 10ක ලේකම්වරැන් මාස දෙකක පමණ කාලයක් තුළ විශ්‍රාම ගැනීමෙන් රාජ්‍ය සේවයේ බරපතළ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වෙමින් ඇතැයි වාර්තා වෙයි.

පසුගිය පෙබරවාරි මස මැද භාගයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙසේ විශ්‍රාම ගන්නේ උදය සෙනවිරත්න, අයි.එච්.කේ. මහානාම, කිංස්ලි ප්‍රනාන්දු, අභය රත්නායක, ඩබ්ලිව්.ඇම්.පී.ජී. වික්‍රමසිංහ, සරත් විතාන, නීල් ද අල්විස් යන ලේකම්වරුන්ය. ඔවුහු විද්‍යා හා තාක්ෂණ, ඉඩම්, ආපදා කළමනාකරණ, නිවාස, ජල සම්පාදන, ස්වදේශ, වනිතා කටයුතු ආදී ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධූර දැරූහ.

මේ හැර රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඒ. කුලතුංග මහතාද විශ්‍රාම ගියේය. අමාත්‍යාංශ ලේකම් ධූරයට සමාන භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මහත්මියද අප්‍රේල් මස විශ්‍රාම ලබන අතර නිපුණතා සංවර්ධන අමාත්‍යංශ ලේකම් පියසේන රණේපුර මහතා මැයි මස විශ්‍රාම ගනී. මේ ආකාරයට පළපුරුදු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් රුසක් එකවර විශ්‍රාම යාමෙන් ප්‍රවීණ පරිපාලන නිලධාරීන්ගේ හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බව දේශයට වාර්තා වෙයි.

About SirilakaNews

Check Also

land-rover1

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට! Seat belts and aerial balloons will be mandatory from next July

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *