Breaking News
Home / දේශපාලන / 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් වන්නේ කෙසේද? How is the Prime Minister removed according to the 19th Amendment?

19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් වන්නේ කෙසේද? How is the Prime Minister removed according to the 19th Amendment?

Untitled-3nvknvk

_100071664_e936d0b4-a537-4bda-9172-49239a3d7ca6

පෙබරවාරි 10 වෙනි දින පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී පාලක සන්ධානයට බරපතල පරාජයක් අත්වීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය වී තිබේ.

එහෙත් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා පවසන්නේ තමන් රටේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාකරන බවය.

මේ තත්වය යටතේ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත්කළ හැකි ද යන්න සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර නීති තර්ක මතුවෙමින් පවතී.

ඒ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක කියා සිටියේ, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව අගමැතිවරයා පත්කිරීමට විනා ඔහු ඉවත්කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවය.

එහෙත් එයට විරුද්ධ තර්කයක් මතුකරන ජ්‍යෙෂ්ඨ නීතිවේදී කල්‍යානන්ද තිරාණගම, අගමැතිවරයා ඉවත්කිරීමට ජනපතිට බලය තිබෙන බව  පැවසීය.

19 වෙනි සංශෝධනයේ 46 (2) වගන්තිය මගින් ඊට පෙරාතුව ජනාධිපතිවරයා සතුව තිබුණු අගමැතිවරයා ඉවත්කිරීමේ බලය අහෝසි කරනු ලැබ ඇති බව පවසන නීතිඥ ලාල් විජේනායක, අගමැතිවරයා පත්කිරීමෙන් අනතුරුව ඔහුගේ අනාගතය රඳා පවතින්නේ පාර්ලිමේන්තුව මත බව ද සඳහන් කළේය.

“පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගන්න පුළුවන් තාක් කල් ඔහුට අගමැති හැටියට ඉන්න පුළුවන්. ඒක වෙනස් කරන්න නම් තියෙන්නේ පාර්ලිමේන්තුවේ අගමැතිට විශ්වාසය නැතෙයි කියල යෝජනාවක් සම්මත කිරීම පමණයි.”හෙතෙම වැඩි දුරටත් මාධ්‍ය හමුවේ පැවසීය.

About SirilakaNews

Check Also

images

ඇමතිකමක් නොලැබුණු හිරුණිකාත් රනිල්ට එරෙහි වෙති. Hirunika who has not received a ministerial portfolio is also opposed to Ranil.

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *