Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / සවුදි හමුදාවට කාන්තාවන්! Women for Saudi army.

සවුදි හමුදාවට කාන්තාවන්! Women for Saudi army.

jvc jvbvjbvjb

මුලධර්මවාදී මුස්ලිම් රාජ්‍යයක් වු සෞදි අරාබිය සිය සංස්කෘතික බැමි ලිහාදමමින් මෙතෙක් පිරිමින්ට පමණක් සිමාකර තිබු සමහර වෘතීය වරම් එරට කාන්තාවන්ටද ලබා දිමට පියවරගෙන තිබේ.

එරට පාර්ලිමේන්තු නියෝජනය,රිය පදවීම,සහ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය රෑකියා ඒ අතර වෙයි.
ඉකුත් දා එරට පාළන අධිකාරිය විසින් සෞදි අරාබි යුධ හමුදාවේ අධිකාරි නිළයන් සදහා කාන්තා අපේක්ෂිකාවන්ගෙන් අයදුම්පත් කැදවා තිබු අතර ඊට අයදුම්පත් රාශියක් ලැබී තිබු බව ජී.ඩී.එන් අන්තර්ජාල පුවත් සේවය වාර්තා කළේය.

වයස අවුරුදු 25/35 අතර උස මීටර් දෙකකට හෝ ඊට ආසන්න සෞදි අරාබියෙදි අධ්‍යාපනය ලද එරට කාන්තාවන්ට මෙම අවස්ථාව උදාවන අතර එරට පුරවැසි කාන්තාවක් වුවත් විදේශ රටක අධ්‍යාපනය ලබා ඇතිනම් එය අදාල තනතුරු සදහා බදවා ගැනිමට නුසුදුසු කමක් වන බවද අයදුම්පත් සදහා වු කොන්දේසි ලෙස සෞදි ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කොට ඇත.

සුදුසුකම් සම්පූර්ණ කරන කාන්තාවන්ට විභාගයකට, සම්මුඛ සහ වෛද්‍ය පරීක්ෂණයකට පෙනීසිටීමට සිදු වේ.

මේ අතර සෞදි පොලිසීය සදහා පළමු අධියර ලෙස විධායක ශ්‍රේණියේ කාන්තා නිළධාරිනියන් පිරිසක් බදවා ගෙන ඇති අතර පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බවද අන්තර්ජාල මාධ්‍ය වාර්තාවල පලවිය.

About SirilakaNews

Check Also

syria-war

සිරියාවේ සිවිල් යුද්ධය දරුණු වෙයි! Syrian civil war It will be Serious

ඉස්ලාමීය කණ්ඩායම් රුසියාවේද සහාය ඇතිව සිරියානු රජයේ හමුදා අඛණ්ඩව නැගෙනහිර ගූථා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *